මා දෑසේ කැල්මන් මවා හිත ගාව සක්මන් කලා
නොකියාම සැගවී ඔයා කෙලෙසින්ද යන්නේ දමා ..
මා දෑසේ කැල්මන් මවා හිත ගාව සක්මන් කලා
නොකියාම සැගවී ඔයා කෙලෙසින්ද යන්නේ දමා ...

උණුහුමට තුරුලේ වෙලී සද රෑක මිමිනූ ඔයා
දුර ඈත තුරු මායිමේ මගෙ හීන හැරදා ගියා ...
උණුහුමට තුරුලේ වෙලී සද රෑක මිමිනූ ඔයා
දුර ඈත තුරු මායිමේ මගෙ හීන හැරදා ගියා ...

මා දෑසේ කැල්මන් මවා...//

සසරේම මා හා සරා රැදුනා කියූවත් එදා
මගෙ ලෝකෙ මා හැර දමා සැගවීද සොදුරේ ඔයා
සසරේම මා හා සරා රැදුනා කියූවත් එදා
මගෙ ලෝකෙ මා හැර දමා සැගවීද සොදුරේ ඔයා

මා දෑසේ කැල්මන් මවා...//




සඳකට තහනම් අහසින් බැස යන්න
මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න
සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න
සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න........

අමාවකට ඇති කලුවර අපමණය
සමාව වෙනුවට අපි අද දෙතැනකය
ඔයා නමට ලිවු අන්තිම කවි පදය
දරාගන්න බැරි ගින්දර විතරමය
දරාගන්න බැරි ගින්දර විතරමය...............

පුංචි පැටව්ගේ ලෝකය බිඳුනාම
සොඳුරු කැදැල්ලේ ලස්සන මැරුණාම
හිතන්න රන්කඳ පෙම්කල හින්දාම
පව් සිදුවෙන්නෙත් මේ අපි දෙන්නාට
පව් සිදුවෙන්නෙත් මේ අපි දෙන්නාට...........




නාඩා ඉන්න දැන් තුරුලේ ඉන්න කල්
මේ තරම් කදුලු හංගා ...
ඇස්පුරා හීන හංගා ....
යන්නෙ දුර ඈත පියඹා හිතම ඔබෙ නමට ලියලා ...

සරා හීන  උතුරන්න දැකලා
හදේ දුකට මං තනිව හැඩුවා ...//
මේ ඇස් දෙක ඔබමයි තුරුලට ලන්වී කොදුරා
මං යන්නේ  හිත මාගේ  තියලා
මං යන්නේ  හිත මාගේ  තියලා


හිනාවෙන්න දැනවත් ඇස් ඇරලා
මා  යන්නේ හෙට ගැනම හිතලා ..//
රෑ තිස්සෙම ලන් උනු උණුහුම හෙට නැති හින්දා
මං කොහොම ඉවසයිද මන්දා

නාඩා ඉන්න දැන් තුරුලේ ඉන්න කල්





ඇසි පිය යට සැගවිලා
මායාවක් දෝ රහසින්
මා සවන් පතට කොදුරා
කියාවි මං ආදරේ
මුළු රෑම මා නිදිවරා
නෙතු බලා උන්නු සිහිනේ

සදු මා හා හිනැහුනා ආදරෙයි
කීවා මගෙ සවනට කොදුරාලා
සදු මා හා යාවුනා ආදරෙන්
හංහා කදුලැලි නෙතු හිනැහුනා

මුතු හසරැලි පිදීලා සිත්තම් වෙයි මුව පුරා
මගේ සිතේ වේදනා නිමා වුනා
හිරු පිපෙනා යාමයේ පිණි පොදක් සේ වියැකිලා
නුඹ යන්නෙපා මගෙ හිතින්
ආයෙමත් හෙට වෙන් වෙලා
නලලතේ  දෝත තියලා දිවුරන්න මගෙ මැයි කියා





සිහිනයේ මල් සිහිනයේ ඔය දෑස කී ගිය සිහිනයේ
ආදරේ මං ආදරේ සිත ඔබටමයි හරි ආදරේ ..//
සසරේ මතක ඔය නෙත් දෙකේ කියවුනා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා

දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා
ජීවිතේ ආදරින් සැනසුනා ...
ආදරේ ආදරේ ආදරේ  සිත ඔබටමයි හරි ආදරේ

සිහිනයේ මල් සිහිනයේ ඔය දෑස කී ගිය සිහිනයේ ....

දෑසින් ගෙනා ඒ මල් හිනා දෑසින් කියූ ඒ කී කතා
සිත් වල නෙත් වල ගී වල ලියවුනු ඒ පෙම් කතා
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා  ...//

සසරේ මතක ඔය නෙත් දෙකේ කියවුනා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා
ජීවිතේ ආදරින් සැනසුනා ...

සිහිනෙන් ඇවිත් ඔයා ලන් වෙලා
සිහිනේ වෙලී මං නුබේ වෙලා
සිහිනේ සෙනෙහේ ගීයේ ගැයුනේ නුබේ නම නිසා
සැමදා ලන්වී ඉන්නම් මෙලෙසේ මං නුබේ වෙලා..//

සසරේ මතක ඔය නෙත් දෙකේ කියවුනා
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියවුනා
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා
ජීවිතේ ආදරින් සැනසුනා ...




තරු නිවී ගියා රහසේ  ආකාසේ
ඔබ හද පහන් වෙලා වාගේ මට රහසේ....
තුන් යමේ ඉකිගසා හඩනවා මාහදේ ආදරේ
ඔබ තාම මගේ දැයි අසනවා සිත මගේ ආදරේ ...

තනිකමට කදුලක් ආදරේ කීවා
සිනාසලන සදවත මගෙදැයි ඇසුවා ...//
ඔබ කොහෙද රදවා ආදරේ සගවා
ඔබට දුන් ආදරේ සගවන්න බෑ මා සිත කීවා

ඔබෙ ආදරේ මට හීනයක් වාගේ ...
ඔබ දුන් ඒ සිනාවන් තවම නෑ ඇසුනේ
ආදිරී ඉන්න ඔබ මා ලගින්
හාදු දී සනසන්න මා ඉතිං

හිත් කොනේ කදුලක් තියන් ඕනෙ නෑ
මට මගේ ආදරේ සගවගන්න බෑ ...//
තරු අහසෙ නිවිලා ඔබ නැතැයි කියලා
දැන් මගේ ආදරේ ඔබ ගාවමයි මාසිත කීවා

ඔබෙ ආදරේ මට හීනයක් වාගේ ...









සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා
මා තනිකර ගියදා
නෙතු මගෙ හැඩුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා
ඔබ මා නමින් ගෙන ආ පැතුම් බොදවී ගිහින්
මේ සිත බිදී ඇයි හැර ගියේ මගේ ආදරේ

ලග නැති ඔබෙ පෙම මතකෙට එනවා
ඔබ යලි එයි සිතලා
ඔබේ සිතුම් ඔබේ හැගුම් ලග මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන් වෙලා ආදරේ බිද දමා
ඔබ මා නමින් ගෙන ආ පැතුම් බොදවී ගිහින්
මේ සිත බිදී ඇයි හැර ගියේ මගේ ආදරේ

සිත මගෙ රිදුනා

මගේ වෙලා මගෙන් ඔයා ඉනු මැන
ලගින් මගේ සිතින් බැදී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ
ඔබට මා ආදරෙයි
ඔබ මා නමින් ගෙන ආ පැතුම් බොදවී ගිහින්
මේ සිත බිදී ඇයි හැර ගියේ මගේ ආදරේ





හඩන ඇස් දෙක හීන පොගවන් ගොලුවෙලා උන්නත් දුරින් ...

කීරී ගැහේනා තැවෙන මේ සිත පතයි ඔබවම ආදරේන් ..
සිහිනයක්දෝ ඔබම මට දැන්
හිමි නොවන බව සිත කියයි ..
ඒ දැනත් මා පෙම් කරයි .....

සෙනහ පැතුමන් හදෙහි පටලන් අනන්තෙක  දුර පියඹලා ..
ඇවිත් මෙතනින් නතර වෙන්නට අනේ බෑ මා පෙම් කලා ..
සිහිනයක්දෝ ඔබම මට දැන්
හිමි නොවන බව සිත කියයි ..
එය දැනත් මා පෙම් කරයි .....

මතකෙ හසරැල් අවට ඉසිමින් තනි වෙලා මා රැය පුරා ..
ඔබේ සෙනෙහස යලි ලැබෙන තුරු හිදී හදවත මග බලා ..
සිහිනයක්දෝ ඔබම මට දැන්
හිමි නොවන බව සිත කියයි ..
එය දැනත් මා පෙම් කරයි ......

හඩන ඇස් දෙක හීන පොගවන් ගොලුවෙලා ........








ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට නෑ ඔබ එන්නේ
හිත වදදේවී ඔබ ඉල්ලලා ඔබ ඉල්ලලා
කවියාක් වාගේ ජීවාත් වෙන්න
තාලේ ගෙනවීත් දෙන්න
පද වැල් එළි වැටේ ළඟම නතර වෙලා

ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත...

හිතුවාත් ගලන ගඟ සේ ඉන්න බාදා අතැරලා ගලන
ආදර කතරෙදි හිඳිලා ගියා ....//
ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ ඇහි දාර මත.

ඇහි දාර මත...









නැවතී බලා සිනාසී නොකියා ගියා ඉගිලී
මැකිලා ඔහේ පාවේ ඔබේ රුව සේයා
නැතිදා ඔබේ සිනාවන් හිත පාරවා දවාලයි
කවදා ඉතිං කොතැනදී හමුවේදැයි සිතා

හීනෙන් ඇවිත් හොරැහින් සිප ගන්න ආසයි මං
හීතල දෙතොල් උණුහුම් වෙන තුරා
මිහිදුම් වළා අතරින් නුඹෙ රුව මවා මනසින්
එදෙස බලා ඉන්නම් මා සදා

නැවතී බලා සිනාසී නොකියා ගියා ඉගිලී
මැකිලා ඔහේ පාවේ ඔබේ රුව සේයා .....

සද බොද වෙලා අහසේ කදුලැලි නිසයි දෑසේ
අහංකාර පාළුව මා වෙලා
සංසාරයේ ආයේ පුරුද්දට වගේ අපගේ
වියෝ ගී අතේ ලියවිලා








මතකයන් ඔබේ සිතේ තබාගෙන
දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා
සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා

සිනාසෙන්න නොහැකී නම් මට හඩන්නට
ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට
ඉනු කදුලැලි ගලා යන්න යන තුරුවත් මට
ඉඩ දෙන්නකො ඔබගේ ලගම ඉන්නට

සරසවන්න ජීවිතය මට හැමදාට
ඔබේ හදින් මා ලැබුවේ කුළුදුල් පෙම
ජිවිතයම වර දාලා ගියෙමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට




සෙනෙහස විදිනට පින් කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ලග දුහුවිල්ලක් වත් වන්නට නොමැත වරම්
සෙනෙහස විදිනට පින් කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ලග දුහුවිල්ලක් වත් වන්නට නොමැත වරම්

එක තැන රැදුනද මනසින් හැගුමින් ඔබ මා එකම සිතින්
එක තැන රැදුනද මනසින් හැගුමින් ඔබ මා එකම සිතින්
කුමටද නිදිනැති යහනට නැති නම් ඔබගේ සුසුම් පවන්

යලි යලි බැදුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින්
යලි යලි බැදුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින්
කුමටද නැතිකල සෙවනට මොහොතක් ඔබ ලග රැදෙන වරම්





මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ....
අපමන සිතිවිලි එක්වීලා බැහැ ඔබ මතකෙන් මුදවන්න
ඔබගේ ආදරේ දැනිලා අද ආයේ.....

මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා
මට සිහිවන්නේ ....
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ....

ඔබ නැති ශෝකෙන් මා දැවිලා
යනවානම් මේ ලෝකෙන් මිදිලා
මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා
මට සිහිවෙන්නේ ......
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ ....

ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආආආ.............................................

සැනසීමක් නෑනේ ඔබ ලග නැතිවීලා ..
දුක හිතේ පුරා දැන් ඇවිලීම ගිහිල්ලා
හැම රෑකම උදේ හවා සිත පුරා රිදුම් දී මා හඩන්නේ.......  ඒ ඒ ඒ ......

ඔබ නැති ශෝකෙන් මා දැවිලා
යනවානම් මේ ලෝකෙන් මිදිලා
මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා
මට සිහිවෙන්නේ ......
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ ....

මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම
මැවිලා ඔබ දිස් වන්නේ.......
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ
හැම හුස්මක හැම ලේ බිදුවක
ඔබ රැදිලා  වාගේ තේරෙන්නේ.....
ඔබගේ ආදරේ වෙලීලා අර  ආයේ

ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආආආ.............................................


තනිකමෙන් වෙලී මං ඔබ ලගින් සිතින් මං
දුක දනී සිනාවන් තව නොවා නිසාවෙන්
මෙලොවින් පිට කොහේ ගියත් ඔබ තරම්
රුවින් පිරී රුවක් පතන් නෑ
ඈ ඈ ඈ ඈ ඈ ඈ .............................



මට තාම දැනෙනවා ඔබ දුන්නු වේදනා
හිත තාම දන්නව මං වැරදි නෑ කියා
ඔබ තාම දන්නවා මං ආදරෙයි කියා
දැක දැකත් මගෙ දිහා නොබලාම යන්න ගියා

ඒ කී කතා පිලිගන්න උනු නිසා
ඔබ මා හැර ගියා ...//
ඔබට මා කී කතා පිලිගන්න බැරි නිසා
ඔබ මා හැර ගියා..//

ඇස් තාම රිදෙනවා මග බලන් උන් නිසා
දැන් ටික ටික දැනෙනවා ඔබ එන්නෙ නෑ කියා
මගෙ හිතට හිතෙනවා තනි උනාදි කියා
ඔබ එන්නෙ නැති නිසා මගෙ හුස්ම නැවතුනා



මේ තරමට වේදනා දැනුනේ ඔබේ ආදරෙන්
වෙන වී ගිහින් මාගේ සුදු හංසියේ
නුබයි නේද මා තවලන් කලේ
නුබයි නේද මා තවලන් කලේ

දුරින් ඈත වෙන් වීලා ඔබ හා මෙමා
ලගින් උන්නු පෙර මතක බොදවී ගියා
ලන් වෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
වෙන් වී ගියේ කොහොම කදුලක් තියා
නුබයි නේද මා තවලන් කලේ
නුබයි නේද මා තවලන් කලේ

ඔබේ ආදරේ සුවද මට ලන් වෙවී
හදේ මතක දෙනෙත් පාරයි යලී
හමු වෙන්න සැනසෙන්න පෙරුමන් පුරා
තවත් කොහොම රවටන්නෙ මගේ හිත මම
නුබයි නේද මා තවලන් කලේ
නුබයි නේද මා තවලන් කලේ



සිහිනෙන් ඇවිත් පෑ සිනා
හිත ගාව රෑ පූදිනා
සංවර රැයේ කිරිලිය මගේ
ගිනියම් හිතේ සැගවිලා
කවිගී ලියයි හිත පුරා

තරු රෑන පායනා නුබ ගැනම ඇයි අහන්නේ
සද ඉන්නෙ විපරමින් මම මොනවදැයි කියන්නේ
නිල් දෑසින් බලන්නී සිරුරම දවන්නී
එනු හාදුවැස්සක් අරන්

සිහිනෙන් ඇවිත් පෑ සිනා.....

බිගු රෑන පියබනා නුබ ගැනම ඇයි දොඩන්නේ
පිපි ඕලු විල් පුරා ඔච්චමට මෙන් වැනෙන්නේ
එන සීතල සුලන්වී පිනිමත රගන්නී
වෙනු මාගෙ සිහිනෙන් බිදක්

සිහිනෙන් ඇවිත් පෑ සිනා......




ඉවසයිද මන්දා මා දුන් රිදුම
වෙන්වීලා ආ දා වෙනතාක් බලන්
උන්නට  මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා මේ දෙනෙතේ ඉතින්
තව කදුලු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාමා ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති උනා සත්තයි හෙමින්

ගොළු වෙච්ච තරු දෑසේ කදුළැල් උනන්නේ
දරාගන්න බෑනේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නෑ කාගෙන්වත්
රැක ගන්න බැරි උනේ සංසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින්

මේ පාළු දුක් සිහිනේ අතරම්ං වෙලා බොහොසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුනු තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ
උන්නට මා රහසේ තුරුලක් හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
 ඉවසයිද මන්දා









සිත හැඩුවා ඔබ ගිය දා ලග උන් හැටි මතක් වෙලා
බලා හිදින නුබ එනකන් තරහක් නෑ එන්න සොයා
ආදරියේ ආදරියේ ආදරියේ  අහගෙන ඉන්න
විදවන තරම් කියන්න රිදෙනා තරම් කියන්න


නෙතු කකියන  තරම් ඔයා දන්නව නම්
වෙන් වෙන් නෑ මාව දමා කවදාවත්
මේ සසරෙ නුබ හිමි නෑ හිදිමි තනි වෙලා
මතු බවයෙදි මගෙ වෙනවද රත්තරන් ඔයා

ඔය ඇස් දෙක අහක බලා යන්න ගියා
සුසුමන් හද පාරනවා කදුලු ගලා
මේ සසරෙ නුබ හිමි නෑ හිදිමි තනි වෙලා
මතු බවයෙදි මගෙ වෙනවද රත්තරන් ඔයා



අහස දෙදරා හඩන රෑ යාමේ කව්දෝ ආවා
සිහිනෙ රග පෑවා හිනැහෙමුද කීවා
අහස දෙදරා හඩන රෑ යාමේ කව්දෝ ආවා
සිහිනෙ රග පෑවා හිනැහෙමුද කීවා

හිත ගාව හිනහෙන්න දුන් කාලේ ඉවරයිද
ඔබ උන්නෙ මා ගාව ඒ හීනෙ විතරයිද
වස්සානෙ නැතුවාට මට ඉන්න ඔබ ගාව
හිත ඉල්ලලා නෙත හඩනවා සයනයේ තනිවෙලා

අහස දෙදරා හඩන රෑ යාමේ කව්දෝ ආවා...//

හීනයේ ගෙන ආව පෙම් සිසිල විද ගන්න
ලග ඉන්න සැනසෙන්න මට ආයේ තහනම්ද
හිත හඩනවා තාම තේරෙන්නෙ නැතුවාද
වස්සානයේ වැහි බිංදු සේ කදුලු දෑසින් ගලනවා


අහස දෙදරා හඩන රෑ යාමේ කව්දෝ ආවා...//




තවත් පලක් නෑ පසුපස යාමේන් ලන්විය නොහැකි නිසා
වැටහුනි මට දැන් දුරස් වෙලා ඔබ වෙනතක කුඩු තනා
ආදරේ ආදරේ මා පෙනලනා ඔබේ ආදරේ
ආදරේ ආදරේ සිත දවනා ඔබේ ආදරේ . . . 

ඔබමයි මා දෙස නෙත් යොමලා මා සිත අවදි කලේ
එන්න එපා නම් ඔයා ලඟට ඇයි දොඩමලු උයේ
පුර පුරා නැගෙනා ගිනි දැල් දවාලයි හඳ රෑ දිවා
නිවාලන්න බැරි ගිනි කන්නදකි ජිවිතේම ඔයා නිසා . . .

සිතට බයයි බලන්නවත් ඉද හිට ඔයා දිහා
නොබලා ඉන්නත් සිතෙන්නේ නෑ මට ආදරේ ඔබට නිසා
සතුටින් හිටි හැටි මතකේට දිව එයි දවාලයි හිත රෑ දිවා
නිවාලන්න බැරි ගිනි කන්නදකි ජිවිතේම ඔයා නිසා . . .




හාදතෙපුල් රෑන අතරේ දෑස පුරුදු පාට දසුනේ
අයිතිකාරියේ   අයිතිකාරියේ
වාසනාව දෝත සිරවී ජීවිතේට පාර කීවේ
ඔබේ ආදරේ ඔබේ ආදරේ

නිල්විල් තටාකේ කුමුදු මල් රටා
සන්සුන්ව දෑසින් සිතට අසුරලා
සොදුරුයිද දිවියත් මොනතරම් කියා
හිසකේ මැදින් ඇගිලි තුඩු යවා දෙන්න පහදලා

මම ආයෙ ආයේ ඉපදුනා වගේ
ඔය දෑස අතරින් දකිමි ජීවිතේ
සීමාව නොසොයා නුහුරු සිතිජයේ
දෙසිතේ සිතුම් ඇතිරවාලයි නුහුරු නෑ වගේ


මා ආදරියේ මගෙ ආදරියේ
නුඹ කවුරුන්ද සුකුමාල සුන්දරියේ
සදරාජිණියේ සදරාජිණියේ  නුඹ
කවුරුන්ද කවුරුන්ද ආදරියේ

නීල ඔබෙ දෑස බැල්මෙන් සැනසීලා
කෝල මදහාස හසරැල් සිහිවීලා
සිහින දකිමින් සැනසෙන්නේ තනිවීලා
කවූද ඔබ කවූද සුරගන වීලා

නොසිතූවිලස මා දෙනෙතේ පොපියාලා
නොදුටූ අයුරින් ඔබ යනවද සැගවීඉලා
ලොවම ගෙනවිත් මගෙ සුරතේ නවතාලා
කවූද ඔබ කවූද දෙවුදුවක වීලා

මා ආදරියේ මගෙ ආදරියේ....




හිමිඋනු ඔබ මට අහිමි වෙලා
කොහොමද වාවාගන්නේ මා
ආදරේ පෑ ආදරේ ....

නිදි නැති රැය ඔබ ගැනම සිතා
මතකය පාරා කදුලු සලා
ජීවිතේ මේ ජීවිතේ....
සිතුවේ නෑ පැහැසර සිනා
කුරිරුවී හැරයයි කියා

සිහින නෙලා පැලදුව දා
මල්මාල හිත් මානයේ
සිහිවෙනවා උමතු සිනා
නිල් පාට නෙත් මායිමේ...//

ලන් උනේ වෙන් වෙන්න නම්
පෙම්කලේ තුරුලේ ඉදන්
ඇයි ඔයා මට මේ තරම්

පෙම බිද දා හැර ගිය දා
දුක දැනුනේ නැතිදෝ
මගේ කදුලු හොරා වැටෙන තුරා
පිටුපෑවේ ඇයි ජීවිතේ ...//


ලන් උනේ වෙන් වෙන්න නම්
පෙම්කලේ තුරුලේ ඉදන්
ඇයි ඔයා මට මේ තරම්



සෙනෙහස කදුලක් වූ නෙත  සැනසූ
හිනැහෙන්නට යලි වරම් පිදූ මුත්
විහග ලොවේ තටු බිදුනු කිරිල්ලී
කෙලෙසින් නම් මා හැර ඉගිලුනො දෝ

ආදරියේ ආදරියේ ආදරියේ.....

මවක් පියෙක් නැති
නෑ මිතුරන් නැති
නිම්තෙර තනි වුන
මුවැත්තියකි නුඹ

මිරිගුව අභියස කදුලු වගුරනා
පටාචාරා මම ද අසරණයි
දිය දෝතක් නුඹ වෙත පිදු මුත් මා

ආදරියේ ආදරියේ ආදරියේ.....





තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ....
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ....

මේ පිරිමි  රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ ...

හිත් පොඩියේ තනි වෙච්ච කුම්අදෝනා
පවසන්න අතින් වෙලා තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයාක් වගේ ...

තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ...




වෙන් වෙන්නට හිත කීවොත්
ඔබ වෙන් වෙනවාද
හැර යන්නට හිත කීවොත්
මා හැර යනවාද
තනි වෙන්නට හිත කීවොත්
තනිකර යනවාද
යලි එන්නට හිත කීවොත්
ඔබ යලි එනවාද

ජීවිතේ පැතු ආදරේ
සොයා දුන්නු නුබ ආදරී
මා හදේ ඇතිරුවා
ආදරේ පාට යාවෙවි ..//

පමා වී නෑ වගේ දරා ගමු ආදරී
මේ දුක් ආදරේ නාමයෙන්
අපේ ආදරේ නාමයෙන්

සෙනෙහසේ නවාතැනේ
ලැගුම් දුන්නු මගෙ පෙම්බරී
ආයෙනම් රිදවන්නෙ නෑ
බලාගනිමි මගෙ පන වගේ..//

දුරස් වී නෑ වගේ දරා ගමු ආදරී
මේ දුක් ආදරේ නාමයෙන්
අපේ ආදරේ නාමයෙන්

වෙන් වෙන්නට හිත කීවොත්




තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක්  ඔබයි බිහි කලේ


මගෙ පාලු ලෝකයේ තනිවූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගැත හැක නමා
මට දුක සිතෙන්නේ ඔබ ගැන තමා

ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයෙ බැලුම් විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැබුරේ ඇනී
ගලන  දුක් වේදනා රුධිරය වැනී









සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්
අවදී නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ
නම් හැමදා තනිවෙන්නම්

ආසිරිගී මැද පෝරුව මත හිද
මහපටැගිලි බැද අතපැන් වත් කර
ඔබ කැදවා යන්නම්
නැතිනම් තනිවෙන්නම් ...//

ජීවන ගමනේ බාදක දුක සැප
එකසේ පිලිගෙන හිනහෙනු මැන ඔබ
තනියට ලග ඉන්නම්
නැතිනම් තනි වෙන්නම්...//

සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්





රන් මසු නෑ කියා මා දිළිදුයි කියා
කීවා මට  තව මතකයි ඒවා...//
 මැදුරේ දොරගුලු ලූනියා
අදුරේ මා තනි වූ ලියා ...//

මට සිහිවෙනවා මේ දැන් වාගේ
නෑ මා හැඩුවේ එදා


රන් මසු නෑ කියා......

බැලුවේ ඔබ අද මා දිහා
පටපිලි දවටා ආනිසා
ඇයි පෙර වාගේ
මා තනි නොකලේ
කිමදෝ හඩනූ ඔයා


රන් මසු නෑ කියා......




පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඩා වැටී නෑ
පිටු පාලා සොවේ හෙලා නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ...//

දුක සන්කා හැර විගසේ
සැනසීලා ඉනු නොලසේ
ලයෙහී රන් ගිරි සිරසේ
රැදෙමී මා විත් වළාකුලක් සේ

පැරදීලා පලා ගියේ නෑ.......

රන් කාසී කොහෙන් ගෙනෙම්දෝ
රන් මාළා කෙසේ සොයම්දෝ
හිස් දෑතින් කෙසේ එමීදෝ
මා එනතුරු ඔබ බලා ඉදීදෝ

පැරදීලා පලා ගියේ නෑ...




මට මෙන් ඔහුටද කදුල ඔබයි
කදුල ඔබයි
හසරැල්ල ඔබයි ...//

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක් වේ
ආදර ගගුලක් පෙරට ඇදෙයි
කාටද ඔබෙ අත හිමි වන්නේ
මා වාගෙම ඔහු විමසන්නේ

මට මෙන් ඔහුටද කදුල ඔබයි ...

කිසිවකු රිදවා හිනැහෙනු  බැහැ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමි
ඔබටද ඔහුටද සුබ පතමී
ඔබටද ඔහුටද සුබ පතමී


මට මෙන් ඔහුටද කදුල ඔබයි ...




මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර

මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි
අපමන සිතුවිලි බිහිවී තෙරපී
එකිනෙක පැටලෙන්නේ

කොහොම පටන්ගෙන මොනව ලියන්නද
නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ පරවි රැජිණියේ
එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි

මදු මල ලෙස මුදු......

හිත ගොලු වෙනවා
අත වෙව්ලනවා
හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොල වෙත
මුහුණ යොමන විට නෙත් දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ

පරවි රැජිණියේ
එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි .......










එදා රෑ ගුවන් තොටුපළෙදී මා 
වෙන් වී ගියේ සිතකින් නොවේ...//
 
නෑසිය මිතුරන් පැමිණීලා 
ආසිරි සුබ පැතුම් පැතුවා 
ඔබ නාවේ ඇයි මිහිරියේ

එදා රෑ ගුවන් තොටුපළෙදී මා 
වෙන් වී ගියේ සිතකින් නොවේ...//
 
මේ වන තුරු රහසක් වීලා 
මා සිතේ යම් දෙයක් තිබුනා 
එය කීමටයි ලතැවුනේ

එදා රෑ ගුවන් තොටුපළෙදී මා 
වෙන් වී ගියේ සිතකින් නොවේ...//





දවසක් තියේවී වෙන්වුනු ඔබ මා 
නැවතත් මුන ගැසෙනා 
කදුලක් තියේවී මා ලග  එදිනේ 
ඔබේ නමින් ගලනා 

නටුවෙන් කඩලා මල විසි කල විලසේ 
වරදක් නැතත් මට ඔබ පිටුපෑ බව සේ 
වල් මත් උනා මා අසරන පෙම් පියසේ 
මට තාම නොදැනේ මොනව උනාදෝ 
අප දෙදෙනාට ප්‍රියේ 

දවසක් තියේවී වෙන්වුනු ඔබ මා........

හිනැහෙනවා ඔබ මා හඩනා දවසේ 
නැලවෙනවා ඔබ ඔහු හා රස පහසේ 
ඔබටත් ලබාවී දවසක් මට වාගේ 
මට තාම නොදැනේ මොනවා උනාදෝ 
අප දෙදෙනාට ප්‍රියේ

දවසක් තියේවී වෙන්වුනු ඔබ මා.........












දෑස රිදෙනවා පාර බලා ඉදලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිදිලා

සුරතේ අත තියලා මට සහතික කරලා
සුරතේ අත තියලා මට සහතික කරලා....//
හෙට හවසට ආයේ අප හමුවෙමු කීවා

දෑස රිදෙනවා.....

නිදි නැති රෑ යහනේ
එකම රැයයි ගෙවුනේ ...//
අවුරුද්දක් වාගේ
ඒ එක රැය දැනුනේ ....


දෑස රිදෙනවා....








අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැද ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම බවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලදේ

ඹමරෙකු වන්නට නොහැකිව ලතවෙන
මා අබියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතැවෙන
මා අබියස ඔබ සයුර නොවේ

අවසර නැත මට....

ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
බැරිකම මිස ඔබෙ සිහින ලොවේ
ඔබ කැදවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ

අවසර නැත මට.....





අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත හැම මොහොතකදිම
මා ලගමය රැදුනේ

කොතැනදි හෝ ඔබ මා දුටු මොහොතක
නොදොඩා සැගවී ඉන්න එපා
සිතුනේ නම් යලි මා වෙත එන්නට
නොපෙනී නෑවිත් ඉන්න එපා

අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ............

යුගයක හසරැල් තව යුගයකදී
දෙනෙතට කදුලැල් දෙන්නේ නම්
දෙතොලින් කීවද රුදිරෙන් ලීවද
පල නැත සිත යලි නොබැදේ නම්

අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ......





අද හෙට ඔබ මා
අත හැර යන බව
දැන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා

ඔබ රවටා නැත ඔබ හඩවා නැත
දැන දැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසක තතු නොහැගෙයි

අද හෙට ඔබ මා ......

යොමු වී වෙනතක ඔබ තනිවූ දින
තනියට සිටියේ මා පමනකි ලග
දැන් ඔබ මා රිදවා යලි වෙනතක බැදිලා

අද හෙට ඔබ මා .......





කෙසේ කියන්නද ඔබ මා අත හැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා...//

කිසිවෙකු කිසි විට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා

කෙසේ කියන්නද ....

සෙනෙහස බිදුනද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අත්හරිමී පවසමි
ලොවටම ඇසෙන නියා

කෙසේ කියන්නද ......






මට තාම දැනෙනවා
ඔබ දුන්නු වේදනා
හිතතාම දන්නවා
මං වැරදි නෑ කියා

ඔබ තාම දන්නවා
මං ආදරෙයි කියා
දැක් දැකත් මගෙ දිහා
නොබලාම යන්න ගියා

ඒ කී කතා පිලිගන්න උනු නිසා
ඔබ මා හැර ගියා
ඔබට මා කී කතා පිලිගන්න බැරි නිසා
ඔබ මා හැර ගියා

ඇස් තාම රිදෙනවා
මග බලන් උන් නිසා
දැන් ටික ටික දැනෙනවා
ඔබ එන්නෙ නෑ කියා
මගෙ හිතට හිතෙනවා
තනි උනා කියා
ඔබ එන්නෙ නැති නිසා
මගෙ හුස්ම නැවතුනා






















සිහින නෙළුම් මල් පොකුණු පුරා 
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවද කරා
මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවද දේ මුවගේ පවන් සලා

බලා ඉදින්නම් මා දිව රෑ පුතේ
මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
සුලැගිල්ල පටලා හෙට යන් පුතේ
ඇවිදින්නට මා හා මිදුලේ වටේ

අම්මා කියූ නාමේ මට දුන් පුතේ
රාජිණියකි දැන් මා පුතුගේ පිනෙන්
හැම මව්වරුන් සේ අම්මා නුබේ
සතුටින් විදිම් පිඩා පුතුගේ නමින්

පුතු දකින උදයේ හැමදාම දැන්
නව දවසකී මට නම් දෙන වාසනා
හිරු සදු දවල් රෑ මට පායනා
පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ





තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝ නන්ද පෙම් වන්තයෝ
එහේ ගිහින් හිදින්නෙලූ

ආදරේ සුරංගනා
ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරූ කරයි අන්න ආරදනා
එහේ හිදින්න එන්නලූ ආදරේ කුමාරි හා


ආදරේ කුමාරි හා....

කදු නිම්නේ අප දෙන්න තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලීලා
මේ සැන්දා පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන  දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් එහා ....

අත් පටලා තරු අතරින් දිව යමුදෝ
සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දෑවයි කදු රෑනයි
හමු වූ යාමේ මේ යාමේ මට සීතයී
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ








ඔය දෑස පේන මානේ
හැමදාම ඉන්න ඕනේ
ඔබෙ ආදරේ තේරුනා
අත ගන්න එන්න මාගේ
ලග ඉන්න දෑස වාගේ
සිහිනෙන් වගේ පේනවා

මා එක්ක කීව රහසේ
පැතුමන් තියාල අහසේ
මල් මල් හැගුම් වෑහුනා
තනිවෙන්න වෙයිද අදුරේ
පාවෙන්න වෙයිද සුලගේ
තනියෙන් හිදින්නම් සදා
මං යද්දි එද්දි මග තොට
මායම් කරද්දි මගෙ ලග
දහසක් බලන් ඉන්නවා

ඔබ ඔහොම යන්න යනකොට
වාවන්නෙ නෑනෙ මගෙ හිත
දැන්නම් මටත් ඇඩෙනවා
අහසක් පිරෙන්න තරමට
සෙනෙහස තියෙද්දි ඔබ ගැන
තරහින් වගේ බලනවා

ඔබගේන පුංචි හීනෙක
කදුලක් තියේවි කොතැනක
මටනම් බයත් හිතෙනවා






වෙන්වෙන්න නම් මේ ලෙසින්
ලන් උනේ ඇයි රත්තරං
මතකයිද ඒ කිව් වදන්
සැනසීම නෑ සිතට දැන්
ආදරේ කදුලක්ද
විදවන්නෙ ඇයි මෙහෙම
මගේ ආදරේ සිහිනයක්දෝ

ජීවිතේ ඔබගෙන් ලැබුනා
පාලුවේ තනිකම් මැකුනා
වේදනා ඈතටම ඇදුනා
මට ඔබ මගේ යැයි සිතුනා
ආයෙත් නොයේදෝ ඒ වගේ
මට දෙන්න ඒ ආදරේ
මම ඔබටමයි ආදරේ

ලෝකයේ මා දැන් තනි උනා
දැවි දැවී පැතුමන් අලු උනා
මැරි මැරී මා දැන් ඉපදෙනා
මට මා පවා නැති උනා
කෝ මා පැතූ ආදරේ
මට දෙන්න ඒ ආදරේ
මම ඔබටමයි ආදරේ







තරුකැට නෙත් ලග සිත නැවතුනදා
ලොවම නිසල වී එක මොහොතක්
නුබේ හදින් ආ සෙනෙහස් සුවදට
සිත බැදුනයි දසදහස් වරක්

සුරංගනාවක් මිහිපිට වැඩියේ
ලන්වී ඉන්නද මට විතරක්
අදහන්නට බෑ මුලු ලෝකෙම ඇයි
මේ තරමට ඇයි මගුල් ගෙයක්

සෙනෙහස ගැන අපෙ ලොවට කියන්නට
මැලි වුනෙ මං නුබ ගැන හිතලා
ආලනුරා මල් පිපුනු වසන්තෙක
නුබ ඇවිදින් සිත් අහස පුරා

මුතු ඇට අකුරින් කවියක් ලිව්වා
ජීවිතේම අපෙ කැටි කරලා
ඒ කවියට මං තාම ආදරෙයි
සුදුමැණිකේ මගෙ පනට වඩා






සිතුවම් ලෙසින් නුබගෙ රුව ඇදෙන යාමේ
තනිකම සිතට ලන් උනා
ඇයිදෝ මෙසේ මාව තනි කර ගියේ හේ
මගෙ ලෝකේ මා තනි වෙලා

නෙතදී ගැලූ කදුළු මා නෙත රැදී
මා දෑස බොදවී ගිහින්
මා හදවතේ රැදුනු සුසුමන් වලින්
මුලු සිතම පිරිලා ගිහින්
මා හැර ගියේ ඇයිද මා සොදුරියේ
යලි ආයෙමත් එන්නෙ නැතිදෝ ලදේ
ඔබමයි මගේ ජීවිතේ

සීතල රැයේ මහද රිදවුම් දිදී
මා තුරුලෙ ඇය නෑ රැදී
සිත් අහස සරසන්න යලි ඔබ ඇවිත්
මා හද පුරා දැවටෙමින්
මට දෙන්න ඒ සිහින
ඔබ ආයෙමෙත්
ලග ඉන්න පෙර වාගෙ මට ආදරෙන්
වෙන්වී නොයන් මා හදින්





දුක වැඩි තරමට කදුලු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා

හැඩවෙන නෙතගට තරවටු කෙරුවට
කදුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට
ඔබ ගියෙ ඇයි ඈත් වෙලා

වෙනසක් නැහැ මගෙ සිහිනේ
තාමත් මල් පිබිදෙන්නේ
රැවටුනු  මේ හිත මාගේ
තනිවුනු බව නෑ දන්නේ

මුලු යහන පුරා විදි සුවද පවා නැත
දුක විතරක් ඉතිරි වෙලා
කදුලක් කදුලක් ගානේ
ඔය රුවමයි සිහිවෙන්නේ

මට නොලැබුනු ඔබෙ සෙනෙහේ
වෙනකුගෙ බව නෑ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා
ඔබ දුක විතරක් උරුම කලා




නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ලදේ නොවිද ඉන්න බෑ ඔබෙ ආදරේ... පැහැදුල් කතා මතකේ වෙලා දෙනුවන් තෙමා පියමන් කලා පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා සිහි වේලවා ඔබ කී කතා මුලු රෑ පුරා මතකේ දරා විදිමී සදා මතකේ දරා විදිමී සදා... මිහිදුම් වලා සලුවෙන් වෙලා පැතුමන් දරා රකිමී සදා පේර පෑ සිනා පූජා කලා අදුරේ තියා සගවා දමා මේ වේදනා යලි එන තුරා දිවියේ පුරා හිදිමී බලා .... දිවියේ පුරා හිදිමී බලා ....



ඔබ මට තුරුළු වෙලා සෙනෙහස දොරෙ ගලා
සිත මගෙ පාලු වෙලා තනිකම යාලු වෙලා
තව මොහොතක් මා ලග ඉන්න එන්න
ලග දැවටී ඔබ ලගින්ම මට මොහොතක් ඉන්න හිතයි

මල් සුවද අරන් මගෙ ලොවට එන්න
මුදු ලමැදින් නිදන් සැන සෙන්න දෙන්න
මට මුලු හදින්ම ඔය උණුහුමේම
තව මොහොතක් ඔබ ලග ඉන්න දෙන්න

ඉඩ ලැබුනු සැනින් මගෙ ලගට එන්න
මුලු ලොවට හොරෙන් සිප ගන්න දෙන්න
මට මුලු හදින්ම ඔය උණුහුමේම
තව මොහොතක් ඔබ ලග ඉන්න දෙන්න

නෙත නෙත ගැටුනු වෙලේ
මගෙ සිත සලිත් උනේ
රෑ සිහින පවා හිත හිනහෙනවා
හද ගැබුරේ ඇදුනේ
ඔබගේ රුව තමා

මම ආදරෙයි
මම ආදරෙයි
දිවි තිබෙන තුරා
ඔබට ආදරෙයි

පුර සද දිලෙන රැයේ
සිසිලස දැනුනු පැයේ
ඔබ සිහිවෙනවා
සිත කකියනවා
තරු අතරේ දිලුනේ
ඔබගේ රුව තමා

මම ආදරෙයි ...

සද වෙත සැගව ගියේ
අහසම අදුරු උනේ
මේ අදුර ඉරා යලි දිලෙන තුරා
හද පතුලේ මැවුනේ
ඔබගේ රුව තමා

මම ආදරෙයි ...
Roshan Fernando


ඔබ කතා කරනකම් බලාන උන්නා
දැන් දැන්  දැන් ඔබ කතා කරයි කියලා
මගෙ හිත අතගා තුරුලට වීලා
හිත ඈතට ඈතට ගෙනියනවා

වෙනසක් මට දැනුනා කදුලක් නෙත තෙමුවා
වරදක් උනිද කියා හිත මට දොස් කීවා
ආදරේ කිමැයි කියා මා ඔබගෙන් හදුනා ගත්තා

ඔබ කතා කරනකම් බලාන උන්නා...

හැබැහින් ඔබ දැකලා මුව ගොලු වී යනවා
කෙලෙස කියන්නද මා බැදුනු සෙනෙහෙ පෙරදා
ආදරේ කිමැයි කියා මා ඔබගෙන් හදුනා ගත්තා

ඔබ කතා කරනකම් බලාන උන්නා...
Roshan Fernando



සමු ගන්න පෙර කියා තිබුනි නම්
ඕන තරම් හිත  හදා ගන්න තිබුනා
නොකියා ගිය ඔබ නිහඩ ඇයි අද
මා අසරණයි මෙදා
මා අසරණයි මෙදා


දැන දැන හෝ ඔබ නොදැනුවත්ම හෝ
අමතක කරනු කෙසේ
දුරක් ගිහින් ඔබ හිත ඇතුලේ මගෙ
වෙන් වෙනු බැරිම තරම්
වෙන් වෙනු බැරිම තරම්

මා කදුලින් බව ඔබත් දන්නවා
ඔබ කදුලින් බව මාත් දන්නවා
එනමුදු බැදි පෙම රැකගන්නටනම්
කල යුතු දෙය නොදැනේ
කල යුතු දෙය නොදැනේ
Sumith Hashendra