මට තාම දැනෙනවා
ඔබ දුන්නු වේදනා
හිතතාම දන්නවා
මං වැරදි නෑ කියා
ඔබ තාම දන්නවා
මං ආදරෙයි කියා
දැක් දැකත් මගෙ දිහා
නොබලාම යන්න ගියා
ඒ කී කතා පිලිගන්න උනු නිසා
ඔබ මා හැර ගියා
ඔබට මා කී කතා පිලිගන්න බැරි නිසා
ඔබ මා හැර ගියා
ඇස් තාම රිදෙනවා
මග බලන් උන් නිසා
දැන් ටික ටික දැනෙනවා
ඔබ එන්නෙ නෑ කියා
මගෙ හිතට හිතෙනවා
තනි උනා කියා
ඔබ එන්නෙ නැති නිසා
මගෙ හුස්ම නැවතුනා
සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවද කරා
මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවද දේ මුවගේ පවන් සලා
බලා ඉදින්නම් මා දිව රෑ පුතේ
මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
සුලැගිල්ල පටලා හෙට යන් පුතේ
ඇවිදින්නට මා හා මිදුලේ වටේ
අම්මා කියූ නාමේ මට දුන් පුතේ
රාජිණියකි දැන් මා පුතුගේ පිනෙන්
හැම මව්වරුන් සේ අම්මා නුබේ
සතුටින් විදිම් පිඩා පුතුගේ නමින්
පුතු දකින උදයේ හැමදාම දැන්
නව දවසකී මට නම් දෙන වාසනා
හිරු සදු දවල් රෑ මට පායනා
පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ
තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝ නන්ද පෙම් වන්තයෝ
එහේ ගිහින් හිදින්නෙලූ
ආදරේ සුරංගනා
ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරූ කරයි අන්න ආරදනා
එහේ හිදින්න එන්නලූ ආදරේ කුමාරි හා
ආදරේ කුමාරි හා....
කදු නිම්නේ අප දෙන්න තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලීලා
මේ සැන්දා පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා ....
අත් පටලා තරු අතරින් දිව යමුදෝ
සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දෑවයි කදු රෑනයි
හමු වූ යාමේ මේ යාමේ මට සීතයී
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
ඔය දෑස පේන මානේ
හැමදාම ඉන්න ඕනේ
ඔබෙ ආදරේ තේරුනා
අත ගන්න එන්න මාගේ
ලග ඉන්න දෑස වාගේ
සිහිනෙන් වගේ පේනවා
මා එක්ක කීව රහසේ
පැතුමන් තියාල අහසේ
මල් මල් හැගුම් වෑහුනා
තනිවෙන්න වෙයිද අදුරේ
පාවෙන්න වෙයිද සුලගේ
තනියෙන් හිදින්නම් සදා
මං යද්දි එද්දි මග තොට
මායම් කරද්දි මගෙ ලග
දහසක් බලන් ඉන්නවා
ඔබ ඔහොම යන්න යනකොට
වාවන්නෙ නෑනෙ මගෙ හිත
දැන්නම් මටත් ඇඩෙනවා
අහසක් පිරෙන්න තරමට
සෙනෙහස තියෙද්දි ඔබ ගැන
තරහින් වගේ බලනවා
ඔබගේන පුංචි හීනෙක
කදුලක් තියේවි කොතැනක
මටනම් බයත් හිතෙනවා
වෙන්වෙන්න නම් මේ ලෙසින්
ලන් උනේ ඇයි රත්තරං
මතකයිද ඒ කිව් වදන්
සැනසීම නෑ සිතට දැන්
ආදරේ කදුලක්ද
විදවන්නෙ ඇයි මෙහෙම
මගේ ආදරේ සිහිනයක්දෝ
ජීවිතේ ඔබගෙන් ලැබුනා
පාලුවේ තනිකම් මැකුනා
වේදනා ඈතටම ඇදුනා
මට ඔබ මගේ යැයි සිතුනා
ආයෙත් නොයේදෝ ඒ වගේ
මට දෙන්න ඒ ආදරේ
මම ඔබටමයි ආදරේ
ලෝකයේ මා දැන් තනි උනා
දැවි දැවී පැතුමන් අලු උනා
මැරි මැරී මා දැන් ඉපදෙනා
මට මා පවා නැති උනා
කෝ මා පැතූ ආදරේ
මට දෙන්න ඒ ආදරේ
මම ඔබටමයි ආදරේ
තරුකැට නෙත් ලග සිත නැවතුනදා
ලොවම නිසල වී එක මොහොතක්
නුබේ හදින් ආ සෙනෙහස් සුවදට
සිත බැදුනයි දසදහස් වරක්
සුරංගනාවක් මිහිපිට වැඩියේ
ලන්වී ඉන්නද මට විතරක්
අදහන්නට බෑ මුලු ලෝකෙම ඇයි
මේ තරමට ඇයි මගුල් ගෙයක්
සෙනෙහස ගැන අපෙ ලොවට කියන්නට
මැලි වුනෙ මං නුබ ගැන හිතලා
ආලනුරා මල් පිපුනු වසන්තෙක
නුබ ඇවිදින් සිත් අහස පුරා
මුතු ඇට අකුරින් කවියක් ලිව්වා
ජීවිතේම අපෙ කැටි කරලා
ඒ කවියට මං තාම ආදරෙයි
සුදුමැණිකේ මගෙ පනට වඩා
සිතුවම් ලෙසින් නුබගෙ රුව ඇදෙන යාමේ
තනිකම සිතට ලන් උනා
ඇයිදෝ මෙසේ මාව තනි කර ගියේ හේ
මගෙ ලෝකේ මා තනි වෙලා
නෙතදී ගැලූ කදුළු මා නෙත රැදී
මා දෑස බොදවී ගිහින්
මා හදවතේ රැදුනු සුසුමන් වලින්
මුලු සිතම පිරිලා ගිහින්
මා හැර ගියේ ඇයිද මා සොදුරියේ
යලි ආයෙමත් එන්නෙ නැතිදෝ ලදේ
ඔබමයි මගේ ජීවිතේ
සීතල රැයේ මහද රිදවුම් දිදී
මා තුරුලෙ ඇය නෑ රැදී
සිත් අහස සරසන්න යලි ඔබ ඇවිත්
මා හද පුරා දැවටෙමින්
මට දෙන්න ඒ සිහින
ඔබ ආයෙමෙත්
ලග ඉන්න පෙර වාගෙ මට ආදරෙන්
වෙන්වී නොයන් මා හදින්
Subscribe to:
Posts (Atom)