මට තාම දැනෙනවා
ඔබ දුන්නු වේදනා
හිතතාම දන්නවා
මං වැරදි නෑ කියා

ඔබ තාම දන්නවා
මං ආදරෙයි කියා
දැක් දැකත් මගෙ දිහා
නොබලාම යන්න ගියා

ඒ කී කතා පිලිගන්න උනු නිසා
ඔබ මා හැර ගියා
ඔබට මා කී කතා පිලිගන්න බැරි නිසා
ඔබ මා හැර ගියා

ඇස් තාම රිදෙනවා
මග බලන් උන් නිසා
දැන් ටික ටික දැනෙනවා
ඔබ එන්නෙ නෑ කියා
මගෙ හිතට හිතෙනවා
තනි උනා කියා
ඔබ එන්නෙ නැති නිසා
මගෙ හුස්ම නැවතුනා



0 comments:

Post a Comment