හමුවනා නෙත් දහක් අතරින් 
ඔබේ දෑසම සොයා ඇවිදින් 
ඔබට මෙතරම් ලන්ව ඉන්නේ 
නොලැබෙනා බව දැන දැනයි

අයාලේ ගිය හීන අතරේ 
ගොඩ ගසා  මහ වේදනා 
මම විතරද පෙම් කරන්නේ 
ආත්මය පරදුව තියා ........

ඔබව හිමි වේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මං  රත්තරනේ දැන් නැතුව ඉන්නට බෑ ඔයා 

හමුවනා නෙත් දහක් අතරින් 
ඔබේ දෑසම සොයා ඇවිදින් ......

තෙතමනේ ඇති පපුව ගැබුරේ 
උණනවා පෙම් දිවිතුරා .....
අද ඉදන් වත් ඉමුද සෙනෙහෙන්
 පුංචි වෙන්සක් වත් එපා .....

ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම් 
ආදරෙයි මං  රත්තරනේ දැන් නැතුව ඉන්නට බෑ ඔයා 



ඔබ මාව හදුනාවී ඉදුරාම 
හෑමදාම මම වෙනස් වෙමී 
වැඩිය වැඩිය ආදරේ දෙමී 
ඔබේ හදට මා තුරුල් වෙමී 
සුළන් වගේ ඉතිං එතෙන්නෙමී 

හැමදාම හිත ගාව රැදුනාම ....
 
සාගරේ ජලෙන් පිරී ඇතේ 
අහස් කුසේ රහස් බොහෝ ඇතේ ....
අපේ සිතේ ඔබයි මමයි ඇතේ 
සිතුම් අපේ පෙමින් පිරී ඇතේ ....

හැමදාම හිත ගාව රැදුනාම 
ඔබ මාව හදුනාවී ඉදුරාම.... 

සෝ සුසුම් ඔබෙන් සොරා ගමී 
සිතේ ඔබේ සිනා පලන්නදමී .....
දිවිපුරා ලගින් ඔබේ ඉමී 
උණුහුමයි සිහිලසයි  දෙමී 





මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා 
ඔබේ නෙතේ තියා හැඩූ වේදනා දැකලා 

හෙමිහිට මාගේ නෙතු ලග කදුලැලි රූරාලා 
හැමතැන වාගේ ඔබෙ රුව මැවි මැවි පායාලා 
වෙන් උනත් ඒ වාසනාවෙන් මා දුකක් දීලා 
ඉන්න බෑනේ පාලුවෙන් නම් සෝ තැවුල් ඉවසා 

මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා 
ඔබේ නෙතේ තියා හැඩූ වේදනා දැකලා 

ඉදහිට ආයේ හමුවෙලා දොඩමලු වී මාහා 
ඉමු පෙර වාගේ සැනසිලා මදකට ලන්වීලා 
කවුරුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා 
යන්නෙ නෑ මා හීනෙකින්වත් තාරුකා සොයලා  

මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා 
ඔබේ නෙතේ තියා හැඩූ වේදනා දැකලා 


Mage Hithe - Shehan Kaushalya