දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
බොහො කල් ගත උනත් ලංවෙන්න බෑ යලිත්...
හුරු පුරුදු තනිකමින් හිත පෙගිලා සත්තකින්...
වැ‍රැද්දක් උනා නම් සමා වෙනවද මගෙන්...

හමුවන්න බැරි ලෙසම දුරකට උනත්
කවිරුත්ම පෙම් කෙරුවේ නෑ ඔය තරම්...
දැන උන්න නම් විදවන තරම්
සමුගන්නෙ නෑ මගෙ රත්තරං...

මිය දෙන්න පෙර ආයෙ මුන ගැහුනොතින්
හින හෙන්න පෙර වාගෙ යන්තම් හොරෙන්...
දැන උන්න නම් විදවන තරම්
සමුගනෙ නෑ මගෙ රත්තරං...




වෙනදා වගෙ අදත්
මා නොයෙන බව දැන තවත්
මග බලාගෙන හිටිය ඇති දැන්
එන්න වෙන් නෑ මට අදත්

පාට දේදුනු බැද විමන්
ලියන මල්පෙති අතුරමින්
තැනූ යහනේ නිදා ගන්න
ලගින් ඉන්නම් රත්තරන්

උණුහුමේ මා තමා
සුළගක් වී එන හමා ....
ඔබෙ තුරුලෙම දැවටිලා
සුපුරුදු සුවදක් ගෙනා ....

සන්සාරේ යලි කවදාහෝ
හමුවී නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ
ආයෙමත් මට ආදරේ ...

වෙනදා වගෙ අදත් ...

දකින්න ආසයි වෙනදා මෙන්
හිනාවෙන්න මදකට හොරෙන්
හිතා මතා ගියෙ නෑ ඉතින්
තවමත් ඔබ ලග මං සිතින්

සන්සාරේ යලි කවදාහෝ....


හිත හදා ගන්න මට කියා දෙන්න අද
රැදෙන්නෙ කොහොමද පෙරසේ ...
ඔබ නිසා වෙන්ම මට දරාගන්න බැරි
තනිකම දසක් අතරේ ....

ඔබෙ වෙනස් වීම මට දරාගන්න බෑ
දැනෙන්නෙ එය මහ මෙරසේ ...
මට ඉතිරි කලේ ඔබ  ප්‍රතම  ප්‍රේමයේ
කදුල පමණි විදු පියසේ ....

දෙගුරු මුලා කොට සෙනෙහස විදි හැටි
මිහිරී මතකය මනසේ ....
මුලා උනේ මම අතැර ගියේ නුඹ
තනිකලේ ඇයිද විදුසේවනේ ...

දහසක් දෙනුවන් අතරේ
ඔය රුව ඇයි මා හිතතුල රැදුනේ .....//
ආපසු යන්නට පාර කියන් මට
නුබෙ දෙනෙතින් මා ලොව දුටුවේ ...

නමල් සුවදට කීරි ගැහෙන හිත
මට විතරද අද දැනුනේ ....
කියා දෙන්න හිත හදා ගන්න හැටි
අමතක කරනුද පෙර මතකේ....




දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ ...
ඔබ කවදාවත් මට හිමි වෙන්නේ නෑලූ ...
හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ ....
ඔබ ලන් නොවුනා නම් නෑ මේ දුක පාලූ ....

සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ
රිදවාලා අඩවාලා මොනවද ලැබුනේ ....
සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ
රිදවාලා අඩවාලා මොනවද ලැබුනේ ....

දුක නැති ආදරයක්............

නිම නොවෙන පෙම් කතා අතරමග නවතලා
අලුත් කතාවක්  සොයා ඔබ ගිය අවෙන් වෙලා....
නිම නොවෙන පෙම් කතා අතරමග නවතලා
අලුත් කතාවක්  සොයා ඔබ ගිය අවෙන් වෙලා..
මා තනිකර දාලා කාගේද වීලා ඇයි ගියේ මිරිගුවක් මවාලා .....

දුක නැති ආදරයක්............

අපෙ මතක එක් කලා එකිනෙකට ගලපලා
සොයා ගන්න කෝ ඔයා වැරදුනේ ඇයි කියා....
අපෙ මතක එක් කලා එකිනෙකට ගලපලා
සොයා ගන්න කෝ ඔයා වැරදුනේ ඇයි කියා....
මා තනිකර දාලා කාගේද වීලා ඇයි ගියේ මිරිගුවක් මවාලා .....






මගේ ඇස් දිහා බලා අඩන්නට එපා ....
මේ තරම් ආදරේ දුරක්
ඇවිදින් දුකක් දී නුඹ ගියා .....
මගේ ඇස් දිහා බලා ........

කුළුදුල් මගෙ ආදරේ සගවන්න බෑ ...
රහසේ හඩනා තරම් නුඹ දන්නෙ නෑ .....
ආයේ හමු වෙන්න මට තහනම් ඉවසන්න බෑ .....
මේ සරදම්

මගේ ඇස් දිහා බලා.......

දෙනෙත් තරු බල බලා හිනැහෙන්න බෑ ...
පියුම් පෙති ආදරෙන් සිප ගන්න බෑ...
කීව නාහන හැටි හිත මාගේ ....
අහිමි නුඹ ගැන දැන් ලතැවෙන්නම්

මගේ ඇස් දිහා බලා.......