ලෙන්ගතු හිත තනි කරලා 
තරු නෙතු අද තරහ වෙලා ...
වැටෙන හුස්මක් ගානේ 
කදුළු ගනින්නට ඔබම තමයි මට ඕනේ....//

සිහින පුරා සිත් මානේ 
ලැබුණු ඔයා සංසාරේ ....
පණ කියලා පිදු ආලේ 
තරහ වෙලාද අවාරේ .....
මට තනි වෙනු බෑ ඔබ නෑනේ 
කදුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ .....
ඔබම තමයි මට ඕනේ .....

ලෙන්ගතු හිත තනි කරලා ........

හිත හදලා හැම වාරේ 
ඔබ හිටියා ලග මාගේ .....
වැරදි කලේ මම මයිනේ  
මේ දුක මහ මෙර වාගේ .....
මට විදවනු බෑ මේ වාගේ 
කදුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ .....
ඔබම තමයි මට ඕනේ .....

ලෙන්ගතු හිත තනි කරලා ........

Lengathu Hitha - Noyal Raj