තනිකම හුරු දෙනෙත පුරා උණු කදුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ .....
තනිකම හුරු දෙනෙත පුරා උණු කදුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ .....

සිතු පැතුමක කදුළු තියා මට  නොකියම ඉවත ගියා
හිමි දුක පිසදමමි කියා සමනළියක් තුරුළු වුනා
මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නෙ නෑ
මේ දුක තාම ඔබ දන්නෙ නෑ....

තනිකම හුරු දෙනෙත පුරා උණු කදුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ .....

තනිවුනු  දුක මගෙම වෙලා දින එක එක ගෙවිල ගියා
ඔබ ආවත් සිනහ වෙලා මගෙ හිත සනසන්න කියා
මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නෙ නෑ
මේ දුක තාම ඔබ දන්නෙ නෑ ......

තනිකම හුරු දෙනෙත පුරා උණු කදුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ .....




හා හා හා හා හාහාහා ආ ආ ආ ආ..........

මේ මගෙන් සෙව්සෙනේ නොලැබෙනා බව දැනත්
මේ තරම් මට ලන් වෙලා ඉන්නෙ ඇයිදෝ කියන්
ලන් වෙන්න බෑ මේ බවේ අපට අප සිහිනෙකී ....
ඒ දැනත් ලන්වෙන්න හදන්නේ ඇයිද මගෙ රත්තරන්

පපු ගැඹුරෙ උන් හිස තියා උන්නා හොරා ලන්වෙලා
මගේ පණ හැර යන් එපා කියා කිව්වත් ඔයා .....
ලන් වෙන්න බෑ මේ බවේ අපට අප සිහිනෙකී....
ඒ දැනත් ලන්වෙන්න හදන්නේ ඇයිද මගෙ රත්තරන්

නෙතු කදුළු සගවා තියා යන්න දෙහදට හොරා .....
එන බවේ කාටත් කලින් මා පතන්නම් ඔයා....
ලන් වෙන්න බෑ මේ බවේ අපට අප සිහිනෙකී ....
ඒ දැනත් ලන්වෙන්න හදන්නේ ඇයිද මගෙ රත්තරන්

මේ මගෙන් සෙව්සෙනේ නොලැබෙනා ..........
ලා ලා ලාලාලාලා ලාලාලා






සුරංගනාවී මගේ හදක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා ...
සුරංගනාවී මගේ හදක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා ..

මේ තරම් හීනයක් නෑ ඉතිං ලන් වෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා ....//

සිනාසෙන්න ආදරෙන්ඉහේ  මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලදේ
සිනාසෙන්න ආදරෙන්ඉහේ  මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ......

මේ තරම් හීනයක් නෑ ඉතිං ලන් වෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා ....

රෑ ගොම්මනේ ගුලි වෙලා තනි වෙවී
මේ ආදරේ විද ගමූ සුන්දරී
මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා  සදේ
නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සදා ප්‍රියේ...