සුවඳ සොයනා කදුළු සගවා ...
සුළඟ ඇවිදින් මා සනසවනා..
මම දන්නවා ඔබ දන්නවා කියා ...
ඔබට මං ආදරේ තරම්
ඔබට මං ආදරේ තරම්

රෑ පුරා හීන මල් වැස්ස ආදරී .....
රෝස මල් පෙත්ත සිප ගත්තු ....
මට හොරා මගේ හිත ගත්තු මිතුරියයි
ඈ ආදරේ දුන්නු සිත් ගත්තූ....

සුවඳ සොයනා කදුළු සගවා ..

හිත පුරා ජීවිතේ අදින සිතුවමේ
එනවාද නවතින්න හිතඇත්තී ....
නැවතිලා මගේ හිත් අරණෙ මුමුනලා
ආදරේ පවසන්න සුවදැත්තී......





පුංචි බිංදු පිණි වැස්සක් සීතල මගෙ ලග රදවා
හිත ඉල්ලන උණුහුම ගැන මතක් කරනවා
නැති උණුහුම නිසාම නෙතු කදුළු පුරනවා

වැහි බිදු මත ඇදි දේදුනු නුබෙ තුරුලේ හිද බලන්න
වැස්ස තුරන් වන තුරු මට තෙමුන කොපුල් සුව විදින්න
අහංකාර නුබ එනතුරු සත්තයි මං හෙට දවසෙත් බලා.....ඉන්නවා

පිපි සුදු මල් පෙති හැඩවුනු වැහි දිය බිදුවක් සිබින්න
ඒ එක්කම ඔය දෙතොලට දුවද හාදුවක් තියන්න
අහංකාර නුබ එනතුරු මං හෙට දවසෙත් බලා.... ඉන්නවා