ආදරෙ කටු සටහන් අපේ 
ඉතිරි වී තියෙනවනම් හිතේ 
ආයෙමත් ආයෙමත් ආයෙමත් වෙමු අපි අපේ  ...

පාළු කෙත්වල පියමන් කරපු අපි පිය සටහන් 
මතකෙ ඔබෙ තියෙනවනම් 
හමුවෙලා වෙන්නොවන ලෙස ආයේ කරමුද අපි පෙම් 

ආදරෙ කටු සටහන් අපේ 
ඉතිරි වී තියෙනවනම් හිතේ ....

හදවතේ තව ඉඩ ඇත්නම් වෙනකෙනෙක් හෙම ලග නැත්නම් 
පෙම් ලොවට පා විස්කම් පෙර වගේ එක්වෙලා 
කරමු අපෙ පෙම ගෙත්තම්

ආදරෙ කටු සටහන් අපේ 
ඉතිරි වී තියෙනවනම් හිතේ ....







ඔබ ලගින් ඉන්න බැහැනෙ ඇය ඔබ ලගම නිසා
ඔබ දුරින් ඉන්න හැම මොහොතක දුක උරුම වෙලා....
මගෙ ආදරේ ඔයානෙ එය දන්නවනෙ ඔයා
ඔබ ලගින්ම ඉන්නට මට වරම් නැති වෙලා....

ඔබ නොදැක ඉන්න බැහැනෙ තනිකමෙන් මා වෙලෙන්නේ
ඔබ නොදැක ඉන්න හැම මොහොතක කදුළු පිරෙනවා ...
මට නොදැක ඉන්න බැහැනෙ තනිකමෙන් මා වෙලෙන්නේ
ඔබ නොදැක ඉන්න හැම මොහොතක කදුළු පිරෙනවා ...
සිත ඔබට දීලා මාගෙ තුරුලේ රැදෙන්න ඕනේ
හැමදාම එහෙම ඉන්නට  මම පෙරුම් පුරනවා ...

ඔබ ලගින් ඉන්න බැහැනෙ ඇය ඔබ ලගම නිසා ......

මට කව් රුවත්ම නැහැනෙ ඔබ විතරමයිනෙ ඉන්නෙ
ඔබ නොලැබෙන බව දැනගෙන ආදරේ කරනවා  ....
මුළු ලොවම මාගෙ ඔබනෙ මම නෙමෙයි ඔබගෙ ලෝකේ
මගෙ හුස්ම යන තුරා ඔබහට ආදරෙයිනෙ මා ...

ඔබ ලගින් ඉන්න බැහැනෙ ඇය ඔබ ලගම නිසා