ආදරෙ කටු සටහන් අපේ 
ඉතිරි වී තියෙනවනම් හිතේ 
ආයෙමත් ආයෙමත් ආයෙමත් වෙමු අපි අපේ  ...

පාළු කෙත්වල පියමන් කරපු අපි පිය සටහන් 
මතකෙ ඔබෙ තියෙනවනම් 
හමුවෙලා වෙන්නොවන ලෙස ආයේ කරමුද අපි පෙම් 

ආදරෙ කටු සටහන් අපේ 
ඉතිරි වී තියෙනවනම් හිතේ ....

හදවතේ තව ඉඩ ඇත්නම් වෙනකෙනෙක් හෙම ලග නැත්නම් 
පෙම් ලොවට පා විස්කම් පෙර වගේ එක්වෙලා 
කරමු අපෙ පෙම ගෙත්තම්

ආදරෙ කටු සටහන් අපේ 
ඉතිරි වී තියෙනවනම් හිතේ ....

0 comments:

Post a Comment