නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ලදේ නොවිද ඉන්න බෑ ඔබෙ ආදරේ... පැහැදුල් කතා මතකේ වෙලා දෙනුවන් තෙමා පියමන් කලා පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා සිහි වේලවා ඔබ කී කතා මුලු රෑ පුරා මතකේ දරා විදිමී සදා මතකේ දරා විදිමී සදා... මිහිදුම් වලා සලුවෙන් වෙලා පැතුමන් දරා රකිමී සදා පේර පෑ සිනා පූජා කලා අදුරේ තියා සගවා දමා මේ වේදනා යලි එන තුරා දිවියේ පුරා හිදිමී බලා .... දිවියේ පුරා හිදිමී බලා ....



ඔබ මට තුරුළු වෙලා සෙනෙහස දොරෙ ගලා
සිත මගෙ පාලු වෙලා තනිකම යාලු වෙලා
තව මොහොතක් මා ලග ඉන්න එන්න
ලග දැවටී ඔබ ලගින්ම මට මොහොතක් ඉන්න හිතයි

මල් සුවද අරන් මගෙ ලොවට එන්න
මුදු ලමැදින් නිදන් සැන සෙන්න දෙන්න
මට මුලු හදින්ම ඔය උණුහුමේම
තව මොහොතක් ඔබ ලග ඉන්න දෙන්න

ඉඩ ලැබුනු සැනින් මගෙ ලගට එන්න
මුලු ලොවට හොරෙන් සිප ගන්න දෙන්න
මට මුලු හදින්ම ඔය උණුහුමේම
තව මොහොතක් ඔබ ලග ඉන්න දෙන්න