නැවතී බලා සිනාසී නොකියා ගියා ඉගිලී
මැකිලා ඔහේ පාවේ ඔබේ රුව සේයා
නැතිදා ඔබේ සිනාවන් හිත පාරවා දවාලයි
කවදා ඉතිං කොතැනදී හමුවේදැයි සිතා

හීනෙන් ඇවිත් හොරැහින් සිප ගන්න ආසයි මං
හීතල දෙතොල් උණුහුම් වෙන තුරා
මිහිදුම් වළා අතරින් නුඹෙ රුව මවා මනසින්
එදෙස බලා ඉන්නම් මා සදා

නැවතී බලා සිනාසී නොකියා ගියා ඉගිලී
මැකිලා ඔහේ පාවේ ඔබේ රුව සේයා .....

සද බොද වෙලා අහසේ කදුලැලි නිසයි දෑසේ
අහංකාර පාළුව මා වෙලා
සංසාරයේ ආයේ පුරුද්දට වගේ අපගේ
වියෝ ගී අතේ ලියවිලා








මතකයන් ඔබේ සිතේ තබාගෙන
දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා
සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා

සිනාසෙන්න නොහැකී නම් මට හඩන්නට
ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට
ඉනු කදුලැලි ගලා යන්න යන තුරුවත් මට
ඉඩ දෙන්නකො ඔබගේ ලගම ඉන්නට

සරසවන්න ජීවිතය මට හැමදාට
ඔබේ හදින් මා ලැබුවේ කුළුදුල් පෙම
ජිවිතයම වර දාලා ගියෙමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට




සෙනෙහස විදිනට පින් කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ලග දුහුවිල්ලක් වත් වන්නට නොමැත වරම්
සෙනෙහස විදිනට පින් කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ලග දුහුවිල්ලක් වත් වන්නට නොමැත වරම්

එක තැන රැදුනද මනසින් හැගුමින් ඔබ මා එකම සිතින්
එක තැන රැදුනද මනසින් හැගුමින් ඔබ මා එකම සිතින්
කුමටද නිදිනැති යහනට නැති නම් ඔබගේ සුසුම් පවන්

යලි යලි බැදුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින්
යලි යලි බැදුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින්
කුමටද නැතිකල සෙවනට මොහොතක් ඔබ ලග රැදෙන වරම්