නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ
කඳුළු සලා හඞන්නේ ඇයි නිනැහෙනා නෙත
අඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකය
නපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව

වැරදි කලේ නැහැ කිසිදා ඔයාට මගේ පණ
වැරදි කියා රිදවන්නේ ඇයි පිරිසිදු සිත
සසල වෙලා මගේ පෙම් සිත ඔයාගේ පාමුල
වැද වැටෙන්නේ රැක ගන්නයි අපි දෙන්නගේ පෙම

කුරුළු කූඩුවක්‌ හදන්න එක මොහොතින් බැරී
කුරුළු කූදුවක්‌ කඩන්න එක මොහොතක්‌ ඇතී
සිතට පියාපත් ලැබුනම පියාඹන්න හැකි
මොනදේ ලැබුනත් ඔයාව දාලායන්න බැරී



නෙතක ආදරය දකින්නට 
සිතෙහි ආදරය මෝදු විය යුතුයි 
වැටුණු මල් පාගමින් ඇවිද යන ජීවිතය
උයන් තෙර අබියස නතර කරන්නට 
වසන්තයේ  මායිම ආදරයයි 
වසන්තරයේ මායිමේ ගමන් අරඹන්නට 
දකින්නට ජීවිතය හදවතට් ලංව 
ඇගේ දෑසින් 
ලද ප්‍රේමය එපා කිසිදිනක සගවන්න
ඔබේ අදරය ලොව හොදම ආදරයයි
එය ඔබේ උරුමයයි 
ආදරයට ආදරයෙන් ආදරය කරන්න
ආදරය ඔබට ආදරයෙන් ආදරය දේවි 
එපා කිසිදිනක එය සගවන්න