නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ
කඳුළු සලා හඞන්නේ ඇයි නිනැහෙනා නෙත
අඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකය
නපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව

වැරදි කලේ නැහැ කිසිදා ඔයාට මගේ පණ
වැරදි කියා රිදවන්නේ ඇයි පිරිසිදු සිත
සසල වෙලා මගේ පෙම් සිත ඔයාගේ පාමුල
වැද වැටෙන්නේ රැක ගන්නයි අපි දෙන්නගේ පෙම

කුරුළු කූඩුවක්‌ හදන්න එක මොහොතින් බැරී
කුරුළු කූදුවක්‌ කඩන්න එක මොහොතක්‌ ඇතී
සිතට පියාපත් ලැබුනම පියාඹන්න හැකි
මොනදේ ලැබුනත් ඔයාව දාලායන්න බැරී

0 comments:

Post a Comment