දුර යන්න සිතුවාට සැගවී හොරෙන්  
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතිං 
වාවන්න බැරි කදුලු ආවත් ඉතිං 
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන් 
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන් 

අවුතැන්වෙලා ලැම තුරේ පෙම් හැගුම් 
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං 
එක් වෙන්න සන්සාරෙ පින් මදිම නම් 
අපි දෙන්න එක තැනම මිය යමු ඉතිං 

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන් 
ඉන්නා  නිසා හමුවෙන්න බෑ අපට දැන් 
එක් වෙන්න සන්සාරෙ පින් මදිම නම් 
අපි දෙන්න එක තැනම මිය යමු ඉතිං 
අපි දෙන්න එක තැනම මිය යමු ඉතිං 






මිස්ඩ් කෝල් එකක් තරමටවත් මා  නොවටින බව දැනුනා
හිස් කොලයක් ගෙන එහි පිරෙනා  තුරු ඔබෙ නම එහි ලිව්වා
මගෙ දෑස පුරා ඔබ සෙව්ව කතා  බොරු බව මට හැගුනා
ඔබ යන්න ගියත් මට දුක නෑ  එක පාරක් මුණ ගැහිලා
 එක පාරක් මුණ ගැහිලා .....

මා ඔබට දුන්නු ඒ රතු කුඩයේ  ඇතුලේ තුරුළු වෙලා
අද ඔබ යනවා වෙනකෙකු බදා  මා වැස්සේ තනිකරදා
කවුරුත් දන්නෑ  මම දුකෙන් කියා  මම රහසේ දුක වින්දා
තවමත් මට ඔබ ගැන සිහිවීලා රෑ  නින්දෙන් ඇහැරෙනවා
 රෑ  නින්දෙන් ඇහැරෙනවා .....

තරුවක් වීලා ඔබ දිළිසෙනවා ඒ  එලියට මා මැකුනා
අහසට නැගලා ඔබ ඉගිලෙනවා මා පොඩියට බිම හිටියා
කවදා හරි අත්තටු කැඩිලා යලි මා ලගටම එනවා
ආවත්  ඔබ යලි සිනහ වෙලා මා ඈතට දුව යනවා
මා ඈතට දුව යනවා




උන්මාදනී හැන්ගුනා අනුරාගි දෑසින් බලා
සොදුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුබේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා රාධා මගෙයි අංගනා ........

මල්මී සුගන්දේ නැලවී වෙලී
මල් වැල් ගොතන්නේ රුන්දා වනේ
නිල්විල් තලාවේ කිමිදී මිදී
කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ ......

රන් මිණි මැලුවුල් දම් බිදෙනා  වෙලේ
කෝ කොයිද රාධා උන්මාදිනී .....

ගෝපීලියන් හා යමුනා තෙරේ
අවුදින් මුලාවූ රාධා මගේ
වස්සානයේ ආ මීකුලුවලින්
සන්තාපයේ ලා පොද වෑහුනේ .......




මටත් වඩා මං ගැන හිතන සැරෙන් සැරේ මුළු හිත හදන  <3
තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට  පිරුනා මුළු  හිතම <3
අලුත් උනා දවසින් දවස ඔබෙන් ලබා මුළු ජීවිතය <3
මට කියා ගන්න බෑ ආදරේ තරම් ඔයා ගෙනත් දුන්න <3

දෙනෙත් පුරා අරුණැල්ලේ සේයා <3 <3 <3
පැතුම් නෙලා හිත අස්සේ ගෑවා  ..//
මටත් හොරා මගෙ හිත හදපු නිසා <3
තුරුල් උනා සතුටේ මල් පිපිලා  <3

අදත් මගේ හැම සුසුමක් පාසා <3 <3 <3
මං ගැන කිව්වේ කොහොමද මන්දා ...//
මටත් මගේ ලෝකය හින්දා <3
හුස්මක් ගානේ නුබවම දැනුනා <3

මටත් වඩා මං ගැන හිතන.......<3 <3 <3





රැවටුණ තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නෙ නෑ තවත්
කදුලක තරම් දැනුනා හොදින් සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා  මට වැරදි පාරවා  ගියා
වෙන් වී  ගියත් රිදවා එදා  අමනාප නෑ වුනේ කිසිදා

හැමදාම ඔබ මගේ පවසා කදුලේම උන් කාලේ පෙරදා
දැනුනේම නැ ඔහුගේ කියලා හිතුවේම ඔබේ වෙන්න මතුදා
පිලිගන්න  අදිමදි කලා  මගේ පණ ඈත යනු දැකලා

වැරදි කරලා ඔයා  ...

හිත කීරි ගැහිලම රිදුනා  ඔබ දන්නේ නැහැ නේද මේවා
මට යන්න බැහැ  මතක හැරදා   ඔය වාගෙ දුර ඈත පියඹා
හිනහෙන්න අමතක වුනා  මතක් වෙන වාරයක් පාසා

වැරදි කරලා ඔයා හැමදා
Rawatuna Tharam - Ruwan Hettiarachchi