උන්මාදනී හැන්ගුනා අනුරාගි දෑසින් බලා
සොදුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුබේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා රාධා මගෙයි අංගනා ........

මල්මී සුගන්දේ නැලවී වෙලී
මල් වැල් ගොතන්නේ රුන්දා වනේ
නිල්විල් තලාවේ කිමිදී මිදී
කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ ......

රන් මිණි මැලුවුල් දම් බිදෙනා  වෙලේ
කෝ කොයිද රාධා උන්මාදිනී .....

ගෝපීලියන් හා යමුනා තෙරේ
අවුදින් මුලාවූ රාධා මගේ
වස්සානයේ ආ මීකුලුවලින්
සන්තාපයේ ලා පොද වෑහුනේ .......

0 comments:

Post a Comment