ස්වේත මීදුම් එලා දෙනෙත් මඟ ඇහිරු
ජිවිතේ සීත ඉර්තුවේ ගිරි දුර්ඟ අතරින්
මා එක්ක එනවාද චන්න කින්නරාවි...
මා එක්ක එනවාද චන්න කින්නරාවි….
රළු පොළොව මතින් දිලෙනා...
විඩාබර දිගු ගමනේ....
මුදු සිනිදු දෙපා රිදෙනා...
වේදනා සුසුම් අතරේ....
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි....
මා එක්ක එනවාද චන්න කින්නරාවි....
ස්වේත මීදුම් එලා…........
සඳ නිවිගිය රාත්‍රියේ තාරකා ගොළුව ගන අදුරේ....
ලය මතින් වැතිරි සොඳුරු හීනයකට ඉඩ දී.....
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි.....
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි.....
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි....
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට ....
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත ...
අතැගිලි නොබැදෙන ..............
සිත බැදි සෙනෙහස ...........
සසර පුරා ලග ඉන්න ඇති..........
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි ........
හමු වී වෙන් වී යන්න ඇතී ........
හමුවී වෙන් වෙමූ .......
සසර පුරුද්දට
එකම සදේ .........
සද එලිය දකිනකොට
ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප
හිනහෙමු කදුලැලි සගවා හිත යට
සිතට හොරා මං ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං පෙම් කරන්නම්
ඇගේ නිසා මං දුරින් හිදින්නම්
දුරට වෙලා මං පෙම් කරන්නම්
වැටහෙන් නෑ කදුළු ඇයි මෙසේ
වෙන් වෙන් නෑ මියෙන තුරු මගේ ආදරේ
නෙතු සිඹින සිඹින සුසුමන් පවා
පාරවයි හද මගේ
ඔය ගලන ගලන කදුලින් නෙතේ
සසලවයි සිත මගේ
කදුළු පුරෝගෙන ඉන්න හිතාගෙන
නුඹේ සිනා මැද මියැදෙන්නම් ඉතිං මම
පෙරදා ආ රෑ අහසේ පෑයූ සදසාවී
අද රෑ මගෙ අහ්සේ පායාපන් රහසේ
නුඹ දන්නවාද දන්නෙ නෑ මගෙ ආදරේ
නුඹ ඉන්නවාද දන්නෙ නෑ මගෙ ලෝකයේ
නුඹට දැනෙනවාද දන්නේ නෑ මගෙ ආදරේ
Subscribe to:
Posts (Atom)