ස්වේත මීදුම් එලා දෙනෙත් මඟ ඇහිරු
ජිවිතේ සීත ඉර්තුවේ ගිරි දුර්ඟ අතරින්
මා එක්ක එනවාද චන්න කින්නරාවි...
මා එක්ක එනවාද චන්න කින්නරාවි….

රළු පොළොව මතින් දිලෙනා...
විඩාබර  දිගු ගමනේ....
මුදු සිනිදු දෙපා රිදෙනා...
වේදනා සුසුම් අතරේ....
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි....
මා එක්ක එනවාද චන්න කින්නරාවි....

ස්වේත මීදුම් එලා…........

සඳ නිවිගිය රාත්‍රියේ තාරකා ගොළුව ගන අදුරේ....
ලය මතින් වැතිරි  සොඳුරු හීනයකට ඉඩ දී.....
හිනැහෙන්න පුළුවන්ද  චන්න කින්නරාවි.....
හිනැහෙන්න පුළුවන්ද  චන්න කින්නරාවි.....
හිනැහෙන්න පුළුවන්ද  චන්න කින්නරාවි....

0 comments:

Post a Comment