මන්දාරම් වැහිපොද හිරිකඩ
මගෙ සියො ලග රන්දාලා
උන් අප ආගිය මග වග තොට
මතක අගුලු හැර දාලා...

වාවන්නට බැරි තැන දුක් කද
දෙනෙත් පියන් කවුලු කඩා
දෝරෙ ගලා ගිය උනු කදුලැලි
වියලි දෙතොල් මත් වැටුනා...

පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අදුරෙ වෙලී
සැගවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ...

මැලවුනු මගෙ දෙතොලෙහි රැදි තතු
සැමගෙන් සගවා ඉන්න
ඔබ නොමැතිව සිනහ නගනයුරු
මට කියා දී යන්න

උමතුව හද විලාප දෙන
හඩ අහගෙන ඉන්න
බිදකට ඇවිදින් මගෙ ලය
මත ඔය සවන තියන්න

පැහැසර ඔබෙ ආදරේ.....


ලගින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කලා
හදට ඔබේ නොදැනුනාද
මගේ ආදරේ මගේ ආදරේ

ඇවිත් වගේ අදුරු වලා
ඔබ ලග නෑ දුරස් වෙලා
පෙම්කල හද වෙනස් වෙලා
මක් උනාද මේ
නැතුව ආදරේ ඔබේ ආදරේ

මගේ හදින් දුරස් වන්න
අන් හදකට පෙම්  කරන්න
හදට ඔබේ හැකි උනාද
නැතුව ආදරේ මගේ ආදරේ

අදුරු වලා කුලක් වගේ
අදුරුයි දැන් සිතද මගේ
මගේ කදුලු පිසලන්නට
නොහැකි වේද ඔබේ හිතට
එදා ආදරේ මගේ ආදරේ

අලුත් වෙමින් නිඩා වෙලා ආවෝතින් මාව සොයා
අතීතයට සමු දීලා පිලිගන්නට ඉමී බලා
මගේ ආදරේ මගේ ආදරේ


ඔයාටත් වඩා මම ඔයා ගැන හිතල
ඔයාගෙ අනගතය හැදුව
මගේ ඇස් වල කඳුලු පුරවගෙන
මම ඔයගෙ කඳුලු පිහිදැම්ම
ඔයාගෙන් ගොඩක් ඈතට යන්න උනත්
ඇස් දෙක පියාගත්තු හැම වෙලාවකම
මගේ ලඟම ඔයා උන්න රත්තරන්
ඒත්
ජීවිතය පුරාවටම මගේ කර ගන්න බැරි තරන් දුර
ඔයා ගිහින් කියල දැන ගත්තු වෙලවෙ
මගේ මුලු ලොකයම කඩාගෙන වැටුන
හිත පිරෙන්න ආදරය දුන්නු ඔයාම
ආදරය කියන්නෙ
මහා ලොකු දුකක් විතරයි
රැවටීමක් විතරයි කියල
ලස්සනට කියල දුන්න




සපුරා තහනම්
ආදරේ මට නම්
නෙතු පියා ගන්න සදහට
ටික දිනයි තියන්නේ

නොදැන එය නුඹ විමසුවත්
ආදරේ දැයි ඔබට මං
අතරමන් වී ගොළු උනේ
ආදරේ නිසා මං

මගෙ අවසන් හුස්‌ම තුරුලු කර මියෙන තුරා ඉන්නවනම්
ඔබ නිදනා යහන් සමීපේ සුසුමක්‌ වී පාවෙන්නම්

භවයෙන් භවේ ඉමි මඟ බලා ඔබ එයි කියා
එතුවක්‌ තුරා පෙරුමන් පුරා එන්නම් සොයා

සපුරා තහනම්
ආදරේ මට නම්
නෙතු පියා ගන්න සදහට
ටික දිනයි තියන්නේ

නොදැන ඇය නුඹ විමසුවත්
ආදරේ දැයි ඔබට මං
අතරමන් වී ගොළු උනේ
ආදරේ නිසා මං

හීතල මගෙ දෙතොල් අගට වැටෙනා උනු කඳුලැලි පේලී
දුකයි සිතට ඇස්‌ වහගන්නට නුඹ ලඟ සිටින වෙලේදී

භවයෙන් භවේ ඉමි මඟ බලා ඔබ එයි කියා
එතුවක්‌ තුරා පෙරුමන් පුරා එන්නම් සොයා

සපුරා තහනම්..........