වළා යහනෙ සද සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස සිහිවී
එන්නට පියවර තැබුවත් මා සිතින්
ඔබ අන්සතු මලකි
මම ඔබට තියෙන ආදරේ තරම්
ඔබ තවම දන්නෙ නෑ රත්තරං
දුර ඈත ඈත ඈත දිළෙන තාරුකා තරම්

අනාතකල සිතිවිලි  අද නෑ මා
සදාතනික සෙනෙහස සෙව්වා..//
සිනාසුනේ ඔබ හඩා වැටුනෙ මම
මල් පරවී යනදා

වළා යහනෙ සද සැතපෙන යාමේ.....

විරාජිතව අතිනත පැටලූ දා
පරාජිතව නොතැවුනි ඔබ මා ..//
අවාසනාවට හීන පුරෝගෙන
මතකය ඉකිබින්දා

වළා යහනෙ සද සැතපෙන යාමේ...
Roshan Fernando