මගේ වෙලා මගෙ ලඟට වෙලා 
මගේ ගැනම ඔබ හිතන නිසා....
ඔබේ වෙලා ඔබ ලඟට වෙලා 
ඉන්නම් ඔබේ විතරක්ම වෙලා ....

හිතට දැනෙනන ලෙස පෙම් කෙරුවා 
පෙම් මල් යායක් හිත තුල වැව්වා .....
වැරදි කරනකොට මට රැව්වා 
මගේ ගැනම නිතරම හෙව්වා .....

ඔයා ලඟට තව ලන් වෙන්න 
ඉර බැස යනකොට සඳ වෙන්න 
මා නොවී කැන්දන් යන්න 
අද හෙට මට දිනයක් දෙන්න 

මගේ වෙලා මගෙ ලඟට වෙලා ...






හඩනව නම් හඩන්න හඩන්න දුක තුනි වෙනකල් 
ඉඩ දෙනු මැන බහින්න මේ නැවතුම්පළ ගාවින් 

අපි තව  දුර නොයා යුතුයි ඔබ හිතලා බලන්න 
අදින් පසුව කිසිවක් නෑ හිතවත් කම ඇරෙන්න  

අපි තව  දුර නොයා යුතුයි ඔබ හිතලා බලන්න 
අදින් පසුව කිසිවක් නෑ හිතවත් කම ඇරෙන්න 
හඩනව නම් හඩන්න හඩන්න දුක තුනි වෙනකල් 
ඉඩ දෙනු මැන බහින්න මේ නැවතුම්පළ ගාවින් 

හඩනව නම් හඩන්න හඩන්න දුක තුනි වෙනකල් 
ඉඩ දෙනු මැන බහින්න මේ නැවතුම්පළ ගාවින් 
තුන් හිතකින් වත් මට බෑ අහිතක් නම් හිතන්න 
මට දුන් ආදරය හදේ මිය යන තුරු රකින්න


හඩනව නම් හඩන්න හඩන්න  -  කැලුම් හෙට්ටිආරච්චි




දිළිසෙන දෙනෙත් ඔබේ නැහැ අමතක වෙන්නේ 
වෙන් වී යන්න නම් ඇයි මට මේතරම් ආදරේ කෙරුවේ 

හදවත් මැද දුක නිතරම කීරි ගැහෙනවා 
ඔබ බොරුවට රැවටුව හිත තාම හඩනවා 
මට ආයේ හිමිවේ නම් පණ වාගේ රැක ගන්නම් 
මගෙ රත්තරං ඔයා  මගෙ රත්තරං ඔයා 

දිළිසෙන දෙනෙත් ඔබේ නැහැ අමතක වෙන්නේ 
වෙන් වී යන්න නම් ඇයි මට මේතරම් ආදරේ කෙරුවේ 


සමුගෙන ඔබ පිය මැන්නද මාව  රිදවලා 
කොමට අපි හිටියද පෙර දිනෙක ලන් වෙලා 
මට ආයේ හිමි වේ නම් පණ වාගේ රැක ගන්නම් 
මගෙ රත්තරං ඔයා  මගෙ රත්තරං ඔයා 

Nadini Premadasa 






කදුළු තමයි මේ හිනැහෙන්නේ 
ඔබම තමයි ඒ ගැන දන්නේ 
මියැදුනු සිහිනෙක සිනහ දකින්නට 
පාරමිතා පුරනා 
ඔබෙ පෙම්වතියයි මා 

සීතල අත්ලට බර දීලා 
රිදෙන කදුළු කැට උහුලාලා 
අහිංසකම සිනහව මකලා 
මගෙන් උදුර ගත් දා ඉදලා 
අහිමි පැතුම් මුළු හිත පිරිලා 
යලි ඔබ හිනැහේ නම් 
නොහඩා ඉන්නම් මං

නිදි නැති රැය ඔබ ලග වැටිලා 
ගැහෙන පපුව උඩ සැතපීලා 
නොසැලෙන ඇස් දෙක දිහා බලා 
සැනසෙන්නම් අපෙ පෙම හිතලා 
සිහින ලොවෙන් ඇස් දෙක ඇරලා 
යලි ඔබ එනවා නම් තව හිනැහෙන්නම් මං






Anupama Gunasekara