දිළිසෙන දෙනෙත් ඔබේ නැහැ අමතක වෙන්නේ 
වෙන් වී යන්න නම් ඇයි මට මේතරම් ආදරේ කෙරුවේ 

හදවත් මැද දුක නිතරම කීරි ගැහෙනවා 
ඔබ බොරුවට රැවටුව හිත තාම හඩනවා 
මට ආයේ හිමිවේ නම් පණ වාගේ රැක ගන්නම් 
මගෙ රත්තරං ඔයා  මගෙ රත්තරං ඔයා 

දිළිසෙන දෙනෙත් ඔබේ නැහැ අමතක වෙන්නේ 
වෙන් වී යන්න නම් ඇයි මට මේතරම් ආදරේ කෙරුවේ 


සමුගෙන ඔබ පිය මැන්නද මාව  රිදවලා 
කොමට අපි හිටියද පෙර දිනෙක ලන් වෙලා 
මට ආයේ හිමි වේ නම් පණ වාගේ රැක ගන්නම් 
මගෙ රත්තරං ඔයා  මගෙ රත්තරං ඔයා 

Nadini Premadasa 


0 comments:

Post a Comment