කදුළු තමයි මේ හිනැහෙන්නේ 
ඔබම තමයි ඒ ගැන දන්නේ 
මියැදුනු සිහිනෙක සිනහ දකින්නට 
පාරමිතා පුරනා 
ඔබෙ පෙම්වතියයි මා 

සීතල අත්ලට බර දීලා 
රිදෙන කදුළු කැට උහුලාලා 
අහිංසකම සිනහව මකලා 
මගෙන් උදුර ගත් දා ඉදලා 
අහිමි පැතුම් මුළු හිත පිරිලා 
යලි ඔබ හිනැහේ නම් 
නොහඩා ඉන්නම් මං

නිදි නැති රැය ඔබ ලග වැටිලා 
ගැහෙන පපුව උඩ සැතපීලා 
නොසැලෙන ඇස් දෙක දිහා බලා 
සැනසෙන්නම් අපෙ පෙම හිතලා 
සිහින ලොවෙන් ඇස් දෙක ඇරලා 
යලි ඔබ එනවා නම් තව හිනැහෙන්නම් මං






Anupama Gunasekara 

0 comments:

Post a Comment