මගෙ පාලු ලෝකයේ තනිවූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ

ඔබෙ චේතනා අගනා මාසිත දනී
අවට ලෝකයේ බැලුම් විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැබුරේ ඇනී
ගලන දුක් වේදනා රුදිරය වැනී

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ







කිරි කොඩු හිත ලග නැවතිලා ....
පුර පොය හද ..
ආදරේදැයි අහනවා .. අහනවා ..
මෙ තරමටම ලං වෙලා මට ..
මං ඉතිං මොනවා කියන්නද ..
ආදරේ මිස ..
රං සමනලයෙක් බමනා ඉසව්වක ..
නොපිපෙනා කුසුමක .. කො කොහිද ලස්සන ..
මට වාව ගන්නට බෑ .. ඔබේ ඇස් කතා කරනා විට ..
කිරි කොඩු හිත ලග නැවතිලා ....
පුර පොය හද ....//
වැව් දිය සරනින් නගනා ඉසව්වක ..
කොදුරනා කවියක .. ලියා ඇත මගේ හිත ..
මට දරාගන්නට බෑ .. ඉතිං ඔබ මගේයි හැගේනා විට ..
කිරි කොඩු හිත ලග නැවතිලා ....
පුර පොය හද ..
ආදරේදැයි අහනවා .. අහනවා ..
මෙ තරමටම ලං වෙලා මට ..