මා මුව අගින් හිනැහුනා
ඈගේ හැගුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ
ඔබට මගෙ හද නොලැබෙන්නේ

රුව දැකලා ....
සිත පිරිලා ....
හද බැදිලා ....
තැවෙනු එපා.....

මා මුව අගින් හිනැහුනා
ඈගේ හැගුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ
ඔබට මගෙ හද නොලැබෙන්නේ

මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ ....//

මා මුව අගින් හිනැහුනා
ඈගේ හැගුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ
ඔබට මගෙ හද නොලැබෙන්නේ
Namal Udugama


මගේ අහිංසක හිතේ 
මහා ලොකුවට තිබුනු
ඔයා කෙරෙහි විශ්වාසය
ඔයාම බිදලා දැම්මා 
ඔයාම ඇවිදින් එලෙසට පවසද්දී
මා දෙනෙත නොහැඩුවේ මන්ද නොදනිමි 
නමුත් මගේ හිතෙ කොනක
ඒ දුක පවතින තුරු 
ඔයා ඒ මට කරපු දේට
ඔයාට නොසෑහෙන්න දස දහස් වාරයක්
දුක් විදින්න වෙයි
අන්න  එදිනට පමනක් එන්න එපා
ඒඅහිංසක සිත සොයාන
මගෙ පණ ඔයා 
-shani-



ඔබේ සෙනෙහේ දැවටෙමින්
නෙතු පියා එහි රැදවෙමින්
කදුළු පුරනා දෙනුතු අබියස
සොදුරු මතකය බොද උනේ..//

අම්මේ අම්මේ
අම්මේ අම්මේ
ඇයිද මා තනි කලේ
මව්නි කිම හැර ගියේ... //

පායා එන සදටත් වඩා
ඔබ මට උණුසුම වූවා..//
අම්මේ අම්මේ
අම්මේ අම්මේ
ඇයිද මා තනි කලේ
මව්නි කිම හැර ගියේ... //

නොයෙන ගමන් ගොස්
ඔබ මා මේ ලොව තනි කලේ
කුරිරු ලෝකයට බිහි කලේ
කිමද මා මෙහි තනි කලේ

ආදරේ නැතිවද අම්මේ
ආදරේ නැතිවද අම්මේ
පාළුයි දැන් අත ඇති
මල් මිට ගිලිහුනා
පිපී පැතුම් පොඩි වියැකුනා
ආදරේ නැතිවද අම්මේ ...//

මව්නි ඔබ මා හැර ගියා
මව්නි ඔබ මා හැර ගියා
මව්නි ඔබ මා හැර ගියා
මව්නි ඔබ මා.............
Shihan Mihiranga


මං පොඩිකාලේ කල නොමනාකම්
දැක තරවටු කල අප්පච්චී
වේවැල් පාරට පෑරුනු හදවත
බිදුනා සෙනෙහස අප්පච්චී ..//

මා තුරුලට ගෙන නැලැවිලි ගීයක්
ගැයුවේ නෑ අපෙ අප්පච්චී
නින්දට ගිය පසු මා තුරුලට ගෙන
සිප ගත්තාදෝ අප්පච්චී..//

මං පොඩිකාලේ කල නොමනාකම්.....

හිරු කිරණක් සේ ඔබෙ තේජස දැක
වැරදි කලේ නෑ අප්පච්චී
ඔබගේ සෙනෙහස දැනුනේ මට අද
මමත් පියෙකි අද අප්පච්චී

මං පොඩිකාලේ කල නොමනාකම්

දැක තරවටු කල අප්පච්චී
වේවැල් පාරට පෑරුනු හදවත
බිදුනා සෙනෙහස අප්පච්චී
දැනුනා සෙනෙහස අප්පච්චී

Roshan Fernando


සිත රිදෙනා තරම් ළඳේ... ඔබ දන්නවා නම්
මේ දෙනෙතෙන් වැටෙන කඳුළු... ගැන දන්නවා නම්
මම දන්නෑ ආදරයක්... රිදෙනවා මෙතරම්
ඔබට හැකිද හැර යන්නට... මාව දැන් ඉතින්

බින්ඳු බින්ඳු එකතු කරපු... ආදරේ තරම්...
ඩිංග ඩිංග කල් යන කොට... දැනුනද කොතරම්
මගේ රත්තරන්... මගේ රත්තරන්
හිතට හිතුනේ නැතුවද... ඉන්න බව ඉතින්

ගින්න ගින්න හද ඇවිලී.. දවයි සිතු පැතුම්
යන්න යන්න ඔබ ඈතට.. සිඳෙයි මල් හැඟුම්
මගේ රත්තරන්.. මගේ රත්තරන්
ඇයිද හිතුනෙ නැත්තේ මගේ.. ආදරේ තරම්

සිත රිදෙනා තරම් ළඳේ... ඔබ දන්නවා නම් //





ඉකිගසා හඬන අතීතයක 
කඳුළු එක්ක ගණුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා




හීනෙන් හිනැහී තුන්යම 
මා රවටා
මැදියම් මහ රෑ 
අදටත් හිත ඉගිලෙනවා


නින්දෙන් ඇහැරී කළුවරේම 
යළි සොයනා
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා...//


රිදුමක් වාගේ කිසිදා 
සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන 
උණු කඳුළුම වගුරුවනා.... 


මට මගේ නොවන 
මගේම ආදරෙයක් තිබුණා... 
මගේම ආදරයක් තිබුණා
Amarasiri peiris





මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ
මාගමෙන් ඇවිත් හිදිද්දි මේ නවාතැනේ
ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ


සේද මීදුමේ ඈත කන්ද පාමුලේ
පෙම්වතුන්ගෙ පාළු පාරේ පා නගා ගියේ
සිහිවේද මතකේ අපේ
මට වාගෙ ඔබටත් ලදේ


මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ...


දෑත ගෙන ඔබේ ආයෙමත් අපෙ ලොවේ
ලන්ව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ
පණ වාගේ මගෙ ආදරේ
සුරකින්නෙ මා නම් ලදේ


මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ....

Ajith perera


ලන් ලන් වෙලා සිතින් මා
හොර රහසෙ ගොළු වෙලා
දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ
තනිකමයි මගෙ උරුමේ

වෙන් වෙන්න බෑ මට
පෙම් කල නිසා...//

පැහැසර සිනාවෝ
අත සුසුම් එවලා
හොර රහසෙ ගියේදෝ
මේ දෑස හඩවාලා

මේ පාළු ගිම්හානේ
තනිකමයි මගෙ උරුමේ
වෙන් වෙන්න බෑ මට
පෙම් කල නිසා

දුප්පත් කතාවෝ ඇති ලයේ රැස් වෙලා
අහලා බලන්න ඒවා මතකද කියාලා 

තනිකමයි මගෙ උරුමේ
වෙන් වෙන්න බෑ මට
පෙම් කල නිසා


ලන් ලන් වෙලා සිතින් මා ...
Noyel Raj


ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම්  තනිකඩවෙද්දෙන්

තනිකමින් ගග ගලා යනවා
සදේ නුඹ නෑ අමබරේ
විදවමින් සිත සොයනවා
තව ඔයා කොතැනද හැන්ගුනේ
අපි හමුවුනොතින් සද එයි නැගිලා
ගංගාවට එලිය අරන්
ආදර මල් යායක් අරන්

බලා ඉන්නම් තව හුගක් කල්
ඔයා එනතුරු මා සොයා
ඔයා නාවත් ඉවසලා හිත
හදා ගන්නම් ඔබ නිසා
තනිකම උහුලා
පහලට ගලනා
ගග සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්

ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්.....
Chandrasena Hettiarachchi

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ ...//

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැක ගන්නට ඔබ  මා ලග නෑනේ
නුදුරේදිම කර ගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ

ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනුමැන සොදුරියේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා .....

රැක ගන්නම් ජීවිතයම වාගේ
එක සැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිදෙන මහ සාගරේ
තරමට මගෙ ආදරේ
මට ඔබම තමයි ඕනා


ඇස් ආදරෙන් පුරෝනා .....
Kaveesha Kaviraj


ඔයත් එක්කම 
ගොඩක් ආදරෙන්ම 
ලගට වෙලාම
ඉන්නම ඕනේ කියාම
හීන මවන් උන්නු මට
අද ඒ හීන අතරේම
කදුළු පමනක් තුරුළු කරන්ම
නින්දට යන්නම වෙනව මගෙ රත්තරන් 
ඇයි මට එහෙමම කරන්නේ 
නැතිදාක මං කැදැල්ලේ කොනක ඉදන්
මග බලන්නම එපා මගෙ රත්තරන් 
යලි එන්නම එන්නම ඕනෙමයි කියාම 
සිතුනත් මාසිතට යලි එන්නෙම එන්නෙම නෑ කෙදිනකවත්ම
-Shani-


ඔයා අද ගොඩාක් තනි වෙලා 
ඒක මට දැනෙනවා
ඒ කලක් මන් ඔයාගෙ උකුලේ 
නැලවුනු මතකයි
එන්න හැකි නම් 
ඔබ බලන්නට 
මෙතරම් කදුලු
ගලන් නෑ මගෙ දෙනෙතින්

         -shani-


අත තියල තියල බලන්න
ඔයා ලගදි මේ හදවත ගැහෙන තරම්
කන තියල අහන්න
මේ හදවත ඔයා ගැන හිතන තරම්
ලන් වෙලා ඉන්න ඔයාට දැනෙයි
මම ඔයාට ආදරේ තරම.......
-You Take Away My Heart-


ඔබ මැව්වේ ඔබ හට නොවේ...
මා වෙනුවෙනි මේ බවයේ.....
මා මැවේ මට නම් නොවේ....
මා හිමි ඔයාටයි ලොවේ...

මා ඔබේ වෙලා...
ඔබ මගේ වෙලා....
අපි දැන් අපගේනේ....

පෙම්බර හිත් තීරේ ....
ආල හැගුම් බෝවේ
හැගුනා ඔබේ ආදරේ.....
ඔය රලු පපු තලයේ
ඇලවෙන්නම් රහසේ...

ආදරේ වෑහෙ හදේ....
මා පැතු ඔය තුරුලේ....
මියදෙන තුරු රහසේ....
ඉන්නයි මට ඕනේ....

උපදින හැම බවයේ ....
ඔබමයි මට ඕනේ ....
ඔබටයි සසරම මේ....
Jude & Shanika
සිහින මාලිගාවෙන් ඔබ 
එවනා සුලගේ...
පිපි මල් සුවදාක් දැනුනා 
නොසැලී මහදේ...

ඔබ පෑයූ සදට වඩා
රන්නුවන් අහසේ...
ලාස්සන සදවතිය ඔබයි 
මගෙ සිත් අහසේ//

සදවතියේ මගෙ දෙනෙතට 
බැහැ ඔය නෙත් නොදැක ඉන්න //
තව ආත්ම ගනනක් 
එක ලෙසින් සදා 
අපි හිදිමූ අපි අපේම වී //

සිහින මාලිගාවෙන් ඔබ 
එවනා සුලගේ.............

තරු පෑයූ රෑ සිහිනෙක
ඔය අතගෙන ඇවිද යන්න //
විහදේ රැදි සෙනෙහෙන් 
වෙන් නොවී සදා .......
අපි හිදිමූ අපි අපේම වී //

සිහින මාලිගාවෙන් ඔබ 
එවනා සුලගේ.............
Rvindu nadeeshan


ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන් වී ගිය දා

ඔය නෙතු හැඩවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ
මේ තරම් ආදරේ මේ තරම් ආදරේ

රැය පුරා ඉකි ගසා රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට වෙන්නම්

තනි වෙලා මා ලොවේ
හිරු නොනගින මේ වසන්තේ
දිවිතුරා විදවමිනී අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම් 

තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට වෙන්නම්


ඔබ තරම් පෙම් කල කිසිවෙක්.....
Theekshana Anuradha
හද සැලුනා සියුමැලියේ
ඔබ ඇසුරේ සිහින විලේ
රැයේ දිලෙන තනි තරුවේ
ඇවිත් හොරෙන් ඇයි බැදුනේ

සිහින විලේ ඉවුර දිගේ
ඇවිදින්නට හිතු මතේ ..//
ඔබ එනවද තනි තරුවේ
මට තනී ඔබට වගේ


හද සැලුනා සියුමැලියේ
ඔබ ඇසුරේ සිහින විලේ .....


කදුලු ගගේ කිමිද මෙසේ
වැලපෙන්නද රාත්‍රියේ..//
ඔබම තමයි උරුම කලේ
ඔබ කොහිදෝ මියුලැසියේ


හද සැලුනා සියුමැලියේ
ඔබ ඇසුරේ සිහින විලේ .....//
ගෙවුනු මතකයන් තවමත් මා ලග 
සිත පාරනවා හෙමින් සැරේ
මතක් උනේ නෑ අමතක කරන්න 
නුඹයි මගේ ජීවිතය වුනේ 

හෙටත් කියා දවසක් ගැන හිතන්න
නුඹයි මගේ ලග මට හිටියේ 
ඇතැයි කියා නැති දේකට රැවටුනු 
නුඹේ ආදරේ මා රැවටූ

එකම එක වරක් ඔබව දකින්නට 
අවසර පතනව සිත නොලිදා 
මොහොතක් ගානෙම දහසක් සිතුවිලි 
මතකය අලුතින් අලුත් කලා 

පිනි කැට වැටෙනා නිහඩ රාත්‍රිය
අනන්තයට අපි අරන් ගියා 
මටම පුදුම මම නුඹටම මෙතරම් 
ආදරෙ කරන්නෙ ඇයිද කියා

නෙත් යුග තෙමන්න
කදුලට ඇරයුම් 
නුඹයි කලේ මගෙ ලගට වෙලා
නින්ද නොදී ලග එබිකම් කරනවා
මතකය මට විතරක් පවරා 

නිමක් නොවෙන්නට මුලු සිත පුරාම 
සදක් වගේ ඔබ හිනැහෙනවා 
මටම පුදුම මම නුඹටම මෙතරම් 
ආදරෙ කරන්නෙ ඇයිද කියා 

ගෙවුනු මතකයන් තවමත් මා ලග 
සිත පාරනවා හෙමින් සැරේ........
Kelum hettiarachchi 




මහද අහසට පෑයූ සදවතිය 
කොහේ සැගවුණිද නුඹ අතර මඟ 
නුඹ සොයයි මහද සිතුවිලි වළාකුළු
සෙනෙහස ගලන ඔය ඇකයෙහි රැදෙන්නට 
කොළ සෙලවෙයි සුපුරුදු ලෙසට 
සනීප යැයි සුළං රැලි
නුඹේ නිර්මල ස්නේහයෙන් සුවඳවත් වුණු 
මගේ හදවත් ගඟන තලය හරහා හමායන 
ආදර පවන් රැළි  පෙරමෙන් 
ගෙන නොයෙයි  හදවතට සුවදායී සීතල 
ගින්දරකි අද එය ගතම දවමින් යන එන 
මහද සිතුවිලි සසලය 
අපහැදිලි බොර වූ දිය මෙන් 
ඇවිලෙයි  මසිත  ආදරය දුක් ගිනි වී 
සදවතිය  පාළුය  ජීවිතය අහස 
නුඹෙන් තොරවූ එකම වරක් යලිත් පැමිනෙන්න 
ඇවිලෙන හදට දිය බිදක් වෙන්න
නුඹ දන්නවාද නුඹට දැනෙනවාද 
උහුලන්න බෑ ඒ ගින්දර 
-Aman-



ගිලන් වූ නුඹ 
සයනේ වැතිර හිදිනා විට
පෙනෙයි නිදි දෙව්දුන් ලෙසින් මට
කිසිවක් සිදු නොවූ ලෙස 
වැතිර  සිටින  නුඹ  හිස ගෙන මා උකුලට 
ඉන්නට ආසයි නුඹ ලග 
අනේ බිදක්වත් ඇස් ඇර බලයි නම් නුඹ 
පවසමි ආදරේ ගැන තව
ප්‍රියය නැගිටින්න යළි එන්න 
පාලුයි නුඹ අහිමි ලොවම මට 
හිනැහෙන්න බෑ  අද  මට 
මා සිනහව නුඹ ළග
පෙනුනද ලෝකය 
ලස්සනක් නෑ දෑසට 
කොයින්ද ලෝකයෙහි ලස්සනක් 
සුන්දරත්වය නුඹ විනිවිද දැකපු  කල
සුන්දරත්වයේ එලය කිම  
ආලෝකය අහිමි වූ කල 
-Aman-

උදා වූ සුපෙම් දම් නොසුන් වී රැදේවා.....
මගේ පුංචි ලෝකයේ තැවුල් දුක් නොවේවා....
ප්‍රේමයේ ද්වාරය නුඹ මට විවර කෙළෙහිය
දැන මාගේ අතීතය නුඹය 
වර්තමානයද නුඹය
මගේ උත්තරීතර අනාගතයද නුඹය
එපමණක් නොව නිවන් දක්නා තුරු 
මතු උපදින සෑම ආත්මයකම
මගේ ඒකායන ප්‍රාර්තනයද නුඹය 
කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන 
අනන්ත බාදක දුක් පීඩා විද
ඔබව සොයා ආවා .....
මම ඔබව සොයා ආවා.....
-Aman-