මහද අහසට පෑයූ සදවතිය 
කොහේ සැගවුණිද නුඹ අතර මඟ 
නුඹ සොයයි මහද සිතුවිලි වළාකුළු
සෙනෙහස ගලන ඔය ඇකයෙහි රැදෙන්නට 
කොළ සෙලවෙයි සුපුරුදු ලෙසට 
සනීප යැයි සුළං රැලි
නුඹේ නිර්මල ස්නේහයෙන් සුවඳවත් වුණු 
මගේ හදවත් ගඟන තලය හරහා හමායන 
ආදර පවන් රැළි  පෙරමෙන් 
ගෙන නොයෙයි  හදවතට සුවදායී සීතල 
ගින්දරකි අද එය ගතම දවමින් යන එන 
මහද සිතුවිලි සසලය 
අපහැදිලි බොර වූ දිය මෙන් 
ඇවිලෙයි  මසිත  ආදරය දුක් ගිනි වී 
සදවතිය  පාළුය  ජීවිතය අහස 
නුඹෙන් තොරවූ එකම වරක් යලිත් පැමිනෙන්න 
ඇවිලෙන හදට දිය බිදක් වෙන්න
නුඹ දන්නවාද නුඹට දැනෙනවාද 
උහුලන්න බෑ ඒ ගින්දර 
-Aman-

0 comments:

Post a Comment