ගෙවුනු මතකයන් තවමත් මා ලග 
සිත පාරනවා හෙමින් සැරේ
මතක් උනේ නෑ අමතක කරන්න 
නුඹයි මගේ ජීවිතය වුනේ 

හෙටත් කියා දවසක් ගැන හිතන්න
නුඹයි මගේ ලග මට හිටියේ 
ඇතැයි කියා නැති දේකට රැවටුනු 
නුඹේ ආදරේ මා රැවටූ

එකම එක වරක් ඔබව දකින්නට 
අවසර පතනව සිත නොලිදා 
මොහොතක් ගානෙම දහසක් සිතුවිලි 
මතකය අලුතින් අලුත් කලා 

පිනි කැට වැටෙනා නිහඩ රාත්‍රිය
අනන්තයට අපි අරන් ගියා 
මටම පුදුම මම නුඹටම මෙතරම් 
ආදරෙ කරන්නෙ ඇයිද කියා

නෙත් යුග තෙමන්න
කදුලට ඇරයුම් 
නුඹයි කලේ මගෙ ලගට වෙලා
නින්ද නොදී ලග එබිකම් කරනවා
මතකය මට විතරක් පවරා 

නිමක් නොවෙන්නට මුලු සිත පුරාම 
සදක් වගේ ඔබ හිනැහෙනවා 
මටම පුදුම මම නුඹටම මෙතරම් 
ආදරෙ කරන්නෙ ඇයිද කියා 

ගෙවුනු මතකයන් තවමත් මා ලග 
සිත පාරනවා හෙමින් සැරේ........
Kelum hettiarachchi 



0 comments:

Post a Comment