ගිලන් වූ නුඹ 
සයනේ වැතිර හිදිනා විට
පෙනෙයි නිදි දෙව්දුන් ලෙසින් මට
කිසිවක් සිදු නොවූ ලෙස 
වැතිර  සිටින  නුඹ  හිස ගෙන මා උකුලට 
ඉන්නට ආසයි නුඹ ලග 
අනේ බිදක්වත් ඇස් ඇර බලයි නම් නුඹ 
පවසමි ආදරේ ගැන තව
ප්‍රියය නැගිටින්න යළි එන්න 
පාලුයි නුඹ අහිමි ලොවම මට 
හිනැහෙන්න බෑ  අද  මට 
මා සිනහව නුඹ ළග
පෙනුනද ලෝකය 
ලස්සනක් නෑ දෑසට 
කොයින්ද ලෝකයෙහි ලස්සනක් 
සුන්දරත්වය නුඹ විනිවිද දැකපු  කල
සුන්දරත්වයේ එලය කිම  
ආලෝකය අහිමි වූ කල 
-Aman-

0 comments:

Post a Comment