ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම්  තනිකඩවෙද්දෙන්

තනිකමින් ගග ගලා යනවා
සදේ නුඹ නෑ අමබරේ
විදවමින් සිත සොයනවා
තව ඔයා කොතැනද හැන්ගුනේ
අපි හමුවුනොතින් සද එයි නැගිලා
ගංගාවට එලිය අරන්
ආදර මල් යායක් අරන්

බලා ඉන්නම් තව හුගක් කල්
ඔයා එනතුරු මා සොයා
ඔයා නාවත් ඉවසලා හිත
හදා ගන්නම් ඔබ නිසා
තනිකම උහුලා
පහලට ගලනා
ගග සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්

ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්.....
Chandrasena Hettiarachchi

0 comments:

Post a Comment