ඔයා දිනන්නේ නෑ ආදරේ මගේ
මුලාවේ යන්නෙ නෑ ජීවිතේ මගේ
ආදරේක වේදනාව ආයේ ඕනෙ නැහෑ මටනම්
ප්‍රේම වන්තියක් වෙලා සුසුම් හෙලන්න ඕනෙ නැහෑ මටනම්

ආදරෙන් ලන් වෙලා වේදනාවෙන් ඉමි
දිවුරාලා කියන්නෙමී මා ඔබේ නොවෙන්නෙමි
ආදරේ වේදනා මා ඇදින්නෙමී

දුටුවා හීනයක් මං ආදරේ නමින්
හීනයක්ම වූ කිසිදා සැබෑ නොවූ
ජීවිතේ වේදනා සාගරේ මාව රැන්දවූ
මට ආයෙමත් පරදින්න බෑ ආදරෙන්

ආදරෙන් ලන් වෙලා වේදනාවෙන් ඉමි......


මා නෙතින් මිදී ඔබ යන්න මා ප්‍රියේ
සැබෑ වෙන්නෙ නෑ ඔය ආදරේ සිතුම් ..//
ජීවිතේ ඔබ පතා කව්රු හෝ මෙලෝ තලේ ඇතී
සුබ ප්‍රාර්තනා කරමී මගේ හදවතින්

ආදරෙන් ලන් වෙලා වේදනාවෙන් ඉමි......//
NADINI PREMADASA



නෙතු ලග දග කරනා ආඩම්බරකාරී
ඉගසුග ගස්සන ආඩම්බරකම මට ශ්‍රීදේවී
කෙදිනක හෝ නුඹ මගෙ ලග නවතීවී
සිත මගේ ඉල්ලාවී
මගෙ සුදු ආඩම්බරකාරී
මගෙ සුදු ආඩම්බරකාරී

නිල්මිණි දෑසේ කුලුදුල් පෙම දැකලා
සිත රහසේ බැදුනා
ඔය වත කමලේ පුන් සද සේ
රුව ආඩම්බර පානා ගතියට
ආල හැහුම් මැවුනා

නෙතු ලග දග කරනා ආඩම්බරකාරී ...

කාටත් නොකියන කවුරුත් නොදන්න
රහසක් මුමුනාවී
උනුසුම ඉල්ලාවී
මගෙ සයනේ සැතපේවී
ආඩම්බර ගති නොතිබුනා වගේ
ආදරෙ ඉල්ලාවී

නෙතු ලග දග කරනා ආඩම්බරකාරී ...
pradeep rangana