නෙතු ලග දග කරනා ආඩම්බරකාරී
ඉගසුග ගස්සන ආඩම්බරකම මට ශ්‍රීදේවී
කෙදිනක හෝ නුඹ මගෙ ලග නවතීවී
සිත මගේ ඉල්ලාවී
මගෙ සුදු ආඩම්බරකාරී
මගෙ සුදු ආඩම්බරකාරී

නිල්මිණි දෑසේ කුලුදුල් පෙම දැකලා
සිත රහසේ බැදුනා
ඔය වත කමලේ පුන් සද සේ
රුව ආඩම්බර පානා ගතියට
ආල හැහුම් මැවුනා

නෙතු ලග දග කරනා ආඩම්බරකාරී ...

කාටත් නොකියන කවුරුත් නොදන්න
රහසක් මුමුනාවී
උනුසුම ඉල්ලාවී
මගෙ සයනේ සැතපේවී
ආඩම්බර ගති නොතිබුනා වගේ
ආදරෙ ඉල්ලාවී

නෙතු ලග දග කරනා ආඩම්බරකාරී ...
pradeep rangana

0 comments:

Post a Comment