හාදතෙපුල් රෑන අතරේ දෑස පුරුදු පාට දසුනේ
අයිතිකාරියේ   අයිතිකාරියේ
වාසනාව දෝත සිරවී ජීවිතේට පාර කීවේ
ඔබේ ආදරේ ඔබේ ආදරේ

නිල්විල් තටාකේ කුමුදු මල් රටා
සන්සුන්ව දෑසින් සිතට අසුරලා
සොදුරුයිද දිවියත් මොනතරම් කියා
හිසකේ මැදින් ඇගිලි තුඩු යවා දෙන්න පහදලා

මම ආයෙ ආයේ ඉපදුනා වගේ
ඔය දෑස අතරින් දකිමි ජීවිතේ
සීමාව නොසොයා නුහුරු සිතිජයේ
දෙසිතේ සිතුම් ඇතිරවාලයි නුහුරු නෑ වගේ