ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන් වී ගිය දා

ඔය නෙතු හැඩවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ
මේ තරම් ආදරේ මේ තරම් ආදරේ

රැය පුරා ඉකි ගසා රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට වෙන්නම්

තනි වෙලා මා ලොවේ
හිරු නොනගින මේ වසන්තේ
දිවිතුරා විදවමිනී අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම් 

තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට වෙන්නම්


ඔබ තරම් පෙම් කල කිසිවෙක්.....
Theekshana Anuradha

0 comments:

Post a Comment