මං පොඩිකාලේ කල නොමනාකම්
දැක තරවටු කල අප්පච්චී
වේවැල් පාරට පෑරුනු හදවත
බිදුනා සෙනෙහස අප්පච්චී ..//

මා තුරුලට ගෙන නැලැවිලි ගීයක්
ගැයුවේ නෑ අපෙ අප්පච්චී
නින්දට ගිය පසු මා තුරුලට ගෙන
සිප ගත්තාදෝ අප්පච්චී..//

මං පොඩිකාලේ කල නොමනාකම්.....

හිරු කිරණක් සේ ඔබෙ තේජස දැක
වැරදි කලේ නෑ අප්පච්චී
ඔබගේ සෙනෙහස දැනුනේ මට අද
මමත් පියෙකි අද අප්පච්චී

මං පොඩිකාලේ කල නොමනාකම්

දැක තරවටු කල අප්පච්චී
වේවැල් පාරට පෑරුනු හදවත
බිදුනා සෙනෙහස අප්පච්චී
දැනුනා සෙනෙහස අප්පච්චී

Roshan Fernando

0 comments:

Post a Comment