හද සැලුනා සියුමැලියේ
ඔබ ඇසුරේ සිහින විලේ
රැයේ දිලෙන තනි තරුවේ
ඇවිත් හොරෙන් ඇයි බැදුනේ

සිහින විලේ ඉවුර දිගේ
ඇවිදින්නට හිතු මතේ ..//
ඔබ එනවද තනි තරුවේ
මට තනී ඔබට වගේ


හද සැලුනා සියුමැලියේ
ඔබ ඇසුරේ සිහින විලේ .....


කදුලු ගගේ කිමිද මෙසේ
වැලපෙන්නද රාත්‍රියේ..//
ඔබම තමයි උරුම කලේ
ඔබ කොහිදෝ මියුලැසියේ


හද සැලුනා සියුමැලියේ
ඔබ ඇසුරේ සිහින විලේ .....//

0 comments:

Post a Comment