මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ
මාගමෙන් ඇවිත් හිදිද්දි මේ නවාතැනේ
ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ
සේද මීදුමේ ඈත කන්ද පාමුලේ
පෙම්වතුන්ගෙ පාළු පාරේ පා නගා ගියේ
සිහිවේද මතකේ අපේ
මට වාගෙ ඔබටත් ලදේ
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ...
දෑත ගෙන ඔබේ ආයෙමත් අපෙ ලොවේ
ලන්ව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ
පණ වාගේ මගෙ ආදරේ
සුරකින්නෙ මා නම් ලදේ
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ....
Ajith perera
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment