ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ ...//

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැක ගන්නට ඔබ  මා ලග නෑනේ
නුදුරේදිම කර ගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ

ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනුමැන සොදුරියේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා .....

රැක ගන්නම් ජීවිතයම වාගේ
එක සැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිදෙන මහ සාගරේ
තරමට මගෙ ආදරේ
මට ඔබම තමයි ඕනා


ඇස් ආදරෙන් පුරෝනා .....
Kaveesha Kaviraj

0 comments:

Post a Comment