මන්දාරම් වැහිපොද හිරිකඩ
මගෙ සියො ලග රන්දාලා
උන් අප ආගිය මග වග තොට
මතක අගුලු හැර දාලා...
වාවන්නට බැරි තැන දුක් කද
දෙනෙත් පියන් කවුලු කඩා
දෝරෙ ගලා ගිය උනු කදුලැලි
වියලි දෙතොල් මත් වැටුනා...
පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අදුරෙ වෙලී
සැගවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ...
මැලවුනු මගෙ දෙතොලෙහි රැදි තතු
සැමගෙන් සගවා ඉන්න
ඔබ නොමැතිව සිනහ නගනයුරු
මට කියා දී යන්න
උමතුව හද විලාප දෙන
හඩ අහගෙන ඉන්න
බිදකට ඇවිදින් මගෙ ලය
මත ඔය සවන තියන්න
පැහැසර ඔබෙ ආදරේ.....
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment