සපුරා තහනම්
ආදරේ මට නම්
නෙතු පියා ගන්න සදහට
ටික දිනයි තියන්නේ

නොදැන එය නුඹ විමසුවත්
ආදරේ දැයි ඔබට මං
අතරමන් වී ගොළු උනේ
ආදරේ නිසා මං

මගෙ අවසන් හුස්‌ම තුරුලු කර මියෙන තුරා ඉන්නවනම්
ඔබ නිදනා යහන් සමීපේ සුසුමක්‌ වී පාවෙන්නම්

භවයෙන් භවේ ඉමි මඟ බලා ඔබ එයි කියා
එතුවක්‌ තුරා පෙරුමන් පුරා එන්නම් සොයා

සපුරා තහනම්
ආදරේ මට නම්
නෙතු පියා ගන්න සදහට
ටික දිනයි තියන්නේ

නොදැන ඇය නුඹ විමසුවත්
ආදරේ දැයි ඔබට මං
අතරමන් වී ගොළු උනේ
ආදරේ නිසා මං

හීතල මගෙ දෙතොල් අගට වැටෙනා උනු කඳුලැලි පේලී
දුකයි සිතට ඇස්‌ වහගන්නට නුඹ ලඟ සිටින වෙලේදී

භවයෙන් භවේ ඉමි මඟ බලා ඔබ එයි කියා
එතුවක්‌ තුරා පෙරුමන් පුරා එන්නම් සොයා

සපුරා තහනම්..........


0 comments:

Post a Comment