මිස්ඩ් කෝල් එකක් තරමටවත් මා  නොවටින බව දැනුනා
හිස් කොලයක් ගෙන එහි පිරෙනා  තුරු ඔබෙ නම එහි ලිව්වා
මගෙ දෑස පුරා ඔබ සෙව්ව කතා  බොරු බව මට හැගුනා
ඔබ යන්න ගියත් මට දුක නෑ  එක පාරක් මුණ ගැහිලා
 එක පාරක් මුණ ගැහිලා .....

මා ඔබට දුන්නු ඒ රතු කුඩයේ  ඇතුලේ තුරුළු වෙලා
අද ඔබ යනවා වෙනකෙකු බදා  මා වැස්සේ තනිකරදා
කවුරුත් දන්නෑ  මම දුකෙන් කියා  මම රහසේ දුක වින්දා
තවමත් මට ඔබ ගැන සිහිවීලා රෑ  නින්දෙන් ඇහැරෙනවා
 රෑ  නින්දෙන් ඇහැරෙනවා .....

තරුවක් වීලා ඔබ දිළිසෙනවා ඒ  එලියට මා මැකුනා
අහසට නැගලා ඔබ ඉගිලෙනවා මා පොඩියට බිම හිටියා
කවදා හරි අත්තටු කැඩිලා යලි මා ලගටම එනවා
ආවත්  ඔබ යලි සිනහ වෙලා මා ඈතට දුව යනවා
මා ඈතට දුව යනවා

0 comments:

Post a Comment