දුර යන්න සිතුවාට සැගවී හොරෙන්  
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතිං 
වාවන්න බැරි කදුලු ආවත් ඉතිං 
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන් 
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන් 

අවුතැන්වෙලා ලැම තුරේ පෙම් හැගුම් 
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං 
එක් වෙන්න සන්සාරෙ පින් මදිම නම් 
අපි දෙන්න එක තැනම මිය යමු ඉතිං 

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන් 
ඉන්නා  නිසා හමුවෙන්න බෑ අපට දැන් 
එක් වෙන්න සන්සාරෙ පින් මදිම නම් 
අපි දෙන්න එක තැනම මිය යමු ඉතිං 
අපි දෙන්න එක තැනම මිය යමු ඉතිං 


0 comments:

Post a Comment