නැවතී බලා සිනාසී නොකියා ගියා ඉගිලී
මැකිලා ඔහේ පාවේ ඔබේ රුව සේයා
නැතිදා ඔබේ සිනාවන් හිත පාරවා දවාලයි
කවදා ඉතිං කොතැනදී හමුවේදැයි සිතා

හීනෙන් ඇවිත් හොරැහින් සිප ගන්න ආසයි මං
හීතල දෙතොල් උණුහුම් වෙන තුරා
මිහිදුම් වළා අතරින් නුඹෙ රුව මවා මනසින්
එදෙස බලා ඉන්නම් මා සදා

නැවතී බලා සිනාසී නොකියා ගියා ඉගිලී
මැකිලා ඔහේ පාවේ ඔබේ රුව සේයා .....

සද බොද වෙලා අහසේ කදුලැලි නිසයි දෑසේ
අහංකාර පාළුව මා වෙලා
සංසාරයේ ආයේ පුරුද්දට වගේ අපගේ
වියෝ ගී අතේ ලියවිලා




0 comments:

Post a Comment