පුංචි බිංදු පිණි වැස්සක් සීතල මගෙ ලග රදවා
හිත ඉල්ලන උණුහුම ගැන මතක් කරනවා
නැති උණුහුම නිසාම නෙතු කදුළු පුරනවා

වැහි බිදු මත ඇදි දේදුනු නුබෙ තුරුලේ හිද බලන්න
වැස්ස තුරන් වන තුරු මට තෙමුන කොපුල් සුව විදින්න
අහංකාර නුබ එනතුරු සත්තයි මං හෙට දවසෙත් බලා.....ඉන්නවා

පිපි සුදු මල් පෙති හැඩවුනු වැහි දිය බිදුවක් සිබින්න
ඒ එක්කම ඔය දෙතොලට දුවද හාදුවක් තියන්න
අහංකාර නුබ එනතුරු මං හෙට දවසෙත් බලා.... ඉන්නවා

0 comments:

Post a Comment