හා හා හා හා හාහාහා ආ ආ ආ ආ..........

මේ මගෙන් සෙව්සෙනේ නොලැබෙනා බව දැනත්
මේ තරම් මට ලන් වෙලා ඉන්නෙ ඇයිදෝ කියන්
ලන් වෙන්න බෑ මේ බවේ අපට අප සිහිනෙකී ....
ඒ දැනත් ලන්වෙන්න හදන්නේ ඇයිද මගෙ රත්තරන්

පපු ගැඹුරෙ උන් හිස තියා උන්නා හොරා ලන්වෙලා
මගේ පණ හැර යන් එපා කියා කිව්වත් ඔයා .....
ලන් වෙන්න බෑ මේ බවේ අපට අප සිහිනෙකී....
ඒ දැනත් ලන්වෙන්න හදන්නේ ඇයිද මගෙ රත්තරන්

නෙතු කදුළු සගවා තියා යන්න දෙහදට හොරා .....
එන බවේ කාටත් කලින් මා පතන්නම් ඔයා....
ලන් වෙන්න බෑ මේ බවේ අපට අප සිහිනෙකී ....
ඒ දැනත් ලන්වෙන්න හදන්නේ ඇයිද මගෙ රත්තරන්

මේ මගෙන් සෙව්සෙනේ නොලැබෙනා ..........
ලා ලා ලාලාලාලා ලාලාලා

0 comments:

Post a Comment