හිත හදා ගන්න මට කියා දෙන්න අද
රැදෙන්නෙ කොහොමද පෙරසේ ...
ඔබ නිසා වෙන්ම මට දරාගන්න බැරි
තනිකම දසක් අතරේ ....

ඔබෙ වෙනස් වීම මට දරාගන්න බෑ
දැනෙන්නෙ එය මහ මෙරසේ ...
මට ඉතිරි කලේ ඔබ  ප්‍රතම  ප්‍රේමයේ
කදුල පමණි විදු පියසේ ....

දෙගුරු මුලා කොට සෙනෙහස විදි හැටි
මිහිරී මතකය මනසේ ....
මුලා උනේ මම අතැර ගියේ නුඹ
තනිකලේ ඇයිද විදුසේවනේ ...

දහසක් දෙනුවන් අතරේ
ඔය රුව ඇයි මා හිතතුල රැදුනේ .....//
ආපසු යන්නට පාර කියන් මට
නුබෙ දෙනෙතින් මා ලොව දුටුවේ ...

නමල් සුවදට කීරි ගැහෙන හිත
මට විතරද අද දැනුනේ ....
කියා දෙන්න හිත හදා ගන්න හැටි
අමතක කරනුද පෙර මතකේ....

0 comments:

Post a Comment