මගේ ඇස් දිහා බලා අඩන්නට එපා ....
මේ තරම් ආදරේ දුරක්
ඇවිදින් දුකක් දී නුඹ ගියා .....
මගේ ඇස් දිහා බලා ........

කුළුදුල් මගෙ ආදරේ සගවන්න බෑ ...
රහසේ හඩනා තරම් නුඹ දන්නෙ නෑ .....
ආයේ හමු වෙන්න මට තහනම් ඉවසන්න බෑ .....
මේ සරදම්

මගේ ඇස් දිහා බලා.......

දෙනෙත් තරු බල බලා හිනැහෙන්න බෑ ...
පියුම් පෙති ආදරෙන් සිප ගන්න බෑ...
කීව නාහන හැටි හිත මාගේ ....
අහිමි නුඹ ගැන දැන් ලතැවෙන්නම්

මගේ ඇස් දිහා බලා.......



0 comments:

Post a Comment