දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ ...
ඔබ කවදාවත් මට හිමි වෙන්නේ නෑලූ ...
හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ ....
ඔබ ලන් නොවුනා නම් නෑ මේ දුක පාලූ ....

සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ
රිදවාලා අඩවාලා මොනවද ලැබුනේ ....
සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ
රිදවාලා අඩවාලා මොනවද ලැබුනේ ....

දුක නැති ආදරයක්............

නිම නොවෙන පෙම් කතා අතරමග නවතලා
අලුත් කතාවක්  සොයා ඔබ ගිය අවෙන් වෙලා....
නිම නොවෙන පෙම් කතා අතරමග නවතලා
අලුත් කතාවක්  සොයා ඔබ ගිය අවෙන් වෙලා..
මා තනිකර දාලා කාගේද වීලා ඇයි ගියේ මිරිගුවක් මවාලා .....

දුක නැති ආදරයක්............

අපෙ මතක එක් කලා එකිනෙකට ගලපලා
සොයා ගන්න කෝ ඔයා වැරදුනේ ඇයි කියා....
අපෙ මතක එක් කලා එකිනෙකට ගලපලා
සොයා ගන්න කෝ ඔයා වැරදුනේ ඇයි කියා....
මා තනිකර දාලා කාගේද වීලා ඇයි ගියේ මිරිගුවක් මවාලා .....

0 comments:

Post a Comment