වෙනදා වගෙ අදත්
මා නොයෙන බව දැන තවත්
මග බලාගෙන හිටිය ඇති දැන්
එන්න වෙන් නෑ මට අදත්

පාට දේදුනු බැද විමන්
ලියන මල්පෙති අතුරමින්
තැනූ යහනේ නිදා ගන්න
ලගින් ඉන්නම් රත්තරන්

උණුහුමේ මා තමා
සුළගක් වී එන හමා ....
ඔබෙ තුරුලෙම දැවටිලා
සුපුරුදු සුවදක් ගෙනා ....

සන්සාරේ යලි කවදාහෝ
හමුවී නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ
ආයෙමත් මට ආදරේ ...

වෙනදා වගෙ අදත් ...

දකින්න ආසයි වෙනදා මෙන්
හිනාවෙන්න මදකට හොරෙන්
හිතා මතා ගියෙ නෑ ඉතින්
තවමත් ඔබ ලග මං සිතින්

සන්සාරේ යලි කවදාහෝ....

0 comments:

Post a Comment