හමුවනා නෙත් දහක් අතරින් 
ඔබේ දෑසම සොයා ඇවිදින් 
ඔබට මෙතරම් ලන්ව ඉන්නේ 
නොලැබෙනා බව දැන දැනයි

අයාලේ ගිය හීන අතරේ 
ගොඩ ගසා  මහ වේදනා 
මම විතරද පෙම් කරන්නේ 
ආත්මය පරදුව තියා ........

ඔබව හිමි වේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මං  රත්තරනේ දැන් නැතුව ඉන්නට බෑ ඔයා 

හමුවනා නෙත් දහක් අතරින් 
ඔබේ දෑසම සොයා ඇවිදින් ......

තෙතමනේ ඇති පපුව ගැබුරේ 
උණනවා පෙම් දිවිතුරා .....
අද ඉදන් වත් ඉමුද සෙනෙහෙන්
 පුංචි වෙන්සක් වත් එපා .....

ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම් 
ආදරෙයි මං  රත්තරනේ දැන් නැතුව ඉන්නට බෑ ඔයා 

0 comments:

Post a Comment