තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝ නන්ද පෙම් වන්තයෝ
එහේ ගිහින් හිදින්නෙලූ

ආදරේ සුරංගනා
ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරූ කරයි අන්න ආරදනා
එහේ හිදින්න එන්නලූ ආදරේ කුමාරි හා


ආදරේ කුමාරි හා....

කදු නිම්නේ අප දෙන්න තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලීලා
මේ සැන්දා පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන  දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් එහා ....

අත් පටලා තරු අතරින් දිව යමුදෝ
සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දෑවයි කදු රෑනයි
හමු වූ යාමේ මේ යාමේ මට සීතයී
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ


0 comments:

Post a Comment